අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ඝාතනය කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ ශරීරයේ තිබී උණ්ඩ අටක් හමුවූ බව අද (09) දින නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබෙන බවට වාර්තා වනවා.

හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රනීත් සෙනෙවිරත්න මහතා විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබුණා.

එයින් උණ්ඩ තුනක් ඔහුගේ හිසෙහි වැදී තිබියදී සොයා ගත් බවත් අනෙක් උණ්ඩ පහ පපුවේ සහ උදරයේ තැනින් තැන තිබී හමු වූ බවත් එම වාර්තාවේ සඳහන් වනවා.

හිසට සහ ඉනෙන් ඉහල ප්‍රදේශ වලට වෙඩි වැදීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් බවට හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී ප්‍රනීත් සෙනෙවිරත්න මහතා විසින් නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන්.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව දේහය ඥාතීන් වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here