ඉකුත් (08) දිම පච්චා කෙටීමේ මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා සහභාගී වූ අවස්ථාවේදී සිදුවූ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූ සන්හිල් වසන්ත , ක්ලැබ් වසන්ත හා කැරොකේ වසන්ත යන අනුවර්ත නාම වලින් හඳුන්වනු ලබන සන්හිල් හෝල්ඩිංස් ව්‍යාපාර අධිපති සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතාගේ අභාවයට ශෝකය පළ කරමින් සිය උපන් ගම වන නුවරඑළිය නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට සහ ස්ථාන කිහිපයක මහජනතාවගේ ශෝකය ප්‍රකාශ කරමින් ශෝක පණිවිඩ ප්‍රදර්ශනය කර තිබූ අතර අවමංගල සැරසිලි රැසක් දැක ගැනීමට හැකි විය.
නුවරඑළිය ප්‍රදේශයේ ප්‍රභූවරුන්ට සහ ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ අවමංගල්‍ය උත්සව සඳහා පමණක් සැරසිලි සිදු කිරීමට නුවරඑළිය ප්‍රධාන වට රවුම් වල මෙලෙස අවමංගල්‍ය සැරසිලි සිදු කර තිබීම හා ශෝක පණිවිඩය ප්‍රදර්ශනය කිරීමට නුවරඑළිය මහ නගර සභාව අවසර ලබා දී තිබීම විශේෂත්වයකි.
ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා නුවරඑළිය උපන් අයෙකු වන අතර ඔහු ඔහු 1977 වසරේ නුවරඑළිය අප ස්වාමිඳුගේ ප්‍රාථමික පාසලේ අධ්‍යාපන ලබා ඇති අතර ඉන් අනතුරුව 1982 වසරේ සිට දිවිතීක අධ්‍යාපනය නුවරඑළිය ගාමිණී ජාතික පාසලට ඇතුළත්ව 1988 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ගණිත අංශයෙන් පෙනී සිට ඇත .
අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලබාගත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා උසස් පෙළ හදාරන කාල වකවානුව තුළම ඉතාම ප්‍රාථමික අයුරින් ආරම්භ කළ සිය ව්‍යාපාරය සන්හිල් හෝටලය පවත්වාගෙන යමින් 2002 වසරේ නුවරඑළිය මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදුණු අපේක්ෂකයෙකුද වේ.
මැතිවරණ පරාජයත් සමඟ නුවරඑළියේ ව්‍යාපාරයන් කළමනාකරුවන්ට පවරා කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාර සඳහා නුවරඑළියෙන් පිටත්ව ගොස් ඇත.
නුවරඑළියේ මහජනතාව ව්‍යාපාරිකයන් ඇතුළු සියලු පාර්ශවයන් ඔහුගේ ඝාතනය පිළිබඳ සිය ශෝකය පළ කිරීමට කොළඹ ප්‍රදේශයට ගමන් කිරීමද විශේෂත්වයකි .
ඔහුගේ දේහය මහජන ගෞරවය සදහා 12 – 13 දිනයන්හි කොළඹ බෞද්ධාලෝක මාවත පිහිටි පෞද්ගලික ප්‍රභූ මල් ශාලාවක තැන්පත් කර තබා ඇති අතර (13) දින සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව නුවරඑළිය ප්‍රදේශයේම ව්‍යාපාරිකයෙකු වන ලසන්ත පෙරේරා මහතා පවසයි .
(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)