ඊයේ (25) දහවල් බොරලැස්ගමුව ප්‍රදේශයේ ලැඟුම්හලකට කාන්තාවක් සමඟ පැමිණි පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් තිබෙනවා.

එම පුද්ගලයා සමඟ පැමිණි කාන්තාව හොර රහසේම පලා ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

මෙලෙස මිය ගොස් තිබුනේ 55 හැවිරිදි බොරලැස්ගමුව වේරහැර බෝධිරාජාපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඔවුන් දෙදෙනා ලැගුම්හලට පැමිණ පැය කීපයක් ගතවෙද්දී කාන්තාව කාමරයෙන් පිටතට පැමිණ තමා සමඟ පැමිණි පුද්ගලයාට අසනීප බවට කළමනාකරුට දැනුම් දී තිබෙනවා.

කළමනාකරු කාමරය වෙත ගොස් බැලීමේදී ඔහුගේ කටින් සෙම වැගිරී තිබෙන අයුරු දැක තිබෙනවා.

පසුව එම පුද්ගලයා රෝහල් ගත කිරීමට ත්‍රීරෝද රථයක් රැගෙන ඒම සඳහා කළමනාකරු ලැගුම්හලින් පිටතට ගොස් ඇත.

එම අවස්ථාවේදී එම කාන්තාව පලා ගොස් තිබූ ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here