Hot News

කාර්යාල දුම්රිය 11ක් අවලංගුයි

අද (16) දිනයේ කාර්යාල දුම්රිය 11ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එන්ජින් රියදුරන් සහ ක්‍රියාකරුවන් නොමැතිකම හේතුවෙන් මෙලෙස දුම්රියන් අවලංගුකර ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව කොළඹ කොටුව සිට මොරටුව, පානදුර, වාද්දුව, මීගමුව, අඹේපුස්ස, පාදුක්ක සහ රාගම දක්වා සහ එම දුම්රිය ස්‌ථානවල සිට නැවත කොටුව දුම්රිය ස්ථාන වෙත පැමිණීමට නියමිත දුම්රිය ගමන්වාර මෙලෙස අවලංගු වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version