නිදහස සමරන එක වැරදියි කියන්නෙ ජාතික හැඟීමක් නැති පිරිසක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා තිබේ.
අනුරාධපුර යොවුන් නිකේතනයේ දී පැවති මගෙන් පටන් ගමු ජාතික වැඩපිළිවෙල ආරම්භ කරමින් එහි තරුණ සමුළුවට එක්වෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර මේ බව පැවසුවේ.
කාශ්‍යප වගේ රජෙක්, රටට ඩොලර් ගේන රජෙක් අපට අද සිටින බව සිහිපත් කළ අමාත්‍යවරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ කාශ්‍යප රජු මෙන් රට තාක්ෂණයෙන් දියුණු කළ හැකි නායකයෙක් බව ද ඔහු පවසා තිබේ.