පසුගිය 07 වනදා සැක සහිත ගින්නකට හසුව කැනඩාවේ පදිංචිව සිටි ඉන්දියානු සම්භවයක් ඇති යුවලක් සහ ඔවුන්ගේ දියණියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගින්න නිවාදැමීමෙන් පසු, විමර්ශකයින් විසින් විනාශ වූ නිවස තුළ මිනිස් අස්ථි කොටස් සොයා ගත් නමුත්, මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඒ වන විට තහවුරු කර ගත නොහැකිව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

කෙසේ වෙතත් අදාළ අස්ථි කොටස් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල දී ඒවා එකම පවුලේ පියා, මව සහ දියණියගේ බවට ඊයේ දිනයේ තහවුරු කරගෙන ඇත.

51 හැවිරිදි රජිව් වාරිකූ ඔහුගේ බිරිඳවන 47 හැවිරිදි ශිල්පා කෝතා සහ ඔවුන්ගේ 16 හැවිරිදි දියණිය වන මහෙක් වාරිකූ මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here