දිවා ආහාර ටෙන්ඩරය ලබාදීම සඳහා රුපියල් 30,000ක මුදලක් ලබා ගත්තේ යැයි සැකයට අත්අඩංගුවට පත් ඇහැලියගොඩ ප්‍රදේශයේ දමිළ පාසලක විදුහල්පතිවරයා ලබන 11 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (03) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, පසුගිය විසි එක්වෙනි දින අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ අශෝක් කුමර් නැමැති අයෙක්.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ, සැකකරු විසින් සුභසාධන කටයුතු සඳහා වන ටෙන්ඩරය අනුමත කර දීම සඳහා රුපියල් 30,000ක මුදලක් ඉල්ලාඇති අතර, මුලින් රුපියල් 10,000ක් ලබාගෙන ඉතිරි රුපියල් 20,000 ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් බවයි.

විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියා.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here