මේ දිනවල පවතින අධික වර්ෂාපතනය නිසා වැල්ලවාය කිරිදි ඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබේ.

කිරිදි ඔය හරහා එගොඩ වීමට ගිය වනඅලියෙකු එහි සැඩපහරට හසු වී ගසාගෙන ගොස් මියගොස් ඇති අතර එම වනඅලියාගේ මල සිරුර වැල්ලවාය තෙලුල්ල ප්‍රදේශයේ කිරිදි ඔය හරහා ඇති කෝසුවක සිරවී සිටියෙදී වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මෙසේ මියගොස් ඇති වනඅලියා වයස අවුරුදු විස්සත් විසිපහත් අතර වයසක පසුවන වනඅලියෙකු වන අතර වනඅලි මල සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබේ.

වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

(ජයන්ත වීරසේකර -වැල්ලවාය)

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here