කිලිනොච්චිය, කෝවින්දන් මංසන්ධිය අසල වාරි ඇළක තිබී මියගිය තරුණයින් දෙදෙනෙකුගේ මළසිරුරු දෙකක් අද(14) අලුයම සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීමකදී වාරි ඇළ මාර්ගයේ තිබි තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු සොයාගත් බවයි.
එලෙස මියගොස් ඇත්තෙ කිලිනොච්චිය,අලහපුරම් ප්‍රදේශයේ පදිංචි පදිංචි දයාලන් තනුසන් නමති වයස අවුරුදු 20 ක තරුණයෙකු හා ක්‍රිෂ්ණන් සදේෂන් නමැති වයස අවුරුදු 18 ක තරුණයෙකු වන බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
මියගිය තරුණයින් දෙදෙනා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී එය පාලනය කරගැනීමට නොහැකිව ඇළට වැටී තරුණයින් දෙදෙනො දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවට සැක පළ කරති.
මියගිය තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය කිලිනොච්චිය මහෙස්‌ත්‍රාත් එම්. ජමිල් මහතා සිදුකරනු ලැබීය.
මහේස්‌ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘතශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කිලිනොච්චිය රෝහල වෙත යොමුකෙරිණ.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
(වවුනියාව මාධව කුලසූරිය)