සුහුරු රටක් ගොඩනැගීම සඳහා පරිගණක, ශබ්දකෝෂ, සුහුරු පුවරු, ඖෂධ ආදිය බෙදා දෙන විට එම බෙදීමෙන් රටක් හදන්න බැහැ කියා අන්ත මාක්ස්වාදීන් කොමියුනිස්ට්වාදී සමාජවාදීන් කියන බවත් වැඩ බැරි මේ කයිවාරුකාරයොන්ගේ දරුවන් යන්නේ රජයේ පාසල්වලට හෝ රජයේ විශ්වවිද්‍යාවල නොව පෞද්ගලික, ජාත්‍යන්තර පාසල් හා විශ්වවිද්‍යාවලට බවත් ඔවුන් ගුණාත්මක හොඳ අධ්‍යාපනයක් ලබා රටේ දරුවන්ට බෙදන එක හොඳ නැහැ යැයි පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඔවුන්ගේ දරුවන්ට සවිබල ගැන්වූ, ගුණාත්මක, තත්ත්වයෙන් උසස් අධ්‍යාපනයක් ලබා දී සවිබල නොගැන්වූ පාසල්වලට පරිගණක හෝ සුහුරු පුවරු ලබා දෙන විට එයට අකුල් හෙලීමට කටයුතු කරන බවත් ඔවුන් කුමන විවේචනයක් කළත් එය බාර ගන්නා බවත් කවුරු මොන දේ කළත් සක්වල වැඩසටහන නොනවතින අධ්‍යාපන විප්ලවයේ පෙරමග ගමන්කරුවා වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 182 වැනි අදියර යටතේ අද මොණරාගල සියඹලාන්ඩුව ඇතිමලේ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ අඩුපාඩු සකස් කර ගැනීම සඳහා පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.