ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාරගේ ඥාතියෙකුට අයත් මහනුවර ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
පසුගිය දෙවැනිදා අදාළ ගින්න හටගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ලද තොරතුරක් මත එම ස්ථානයට පැමිණි මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන කණ්ඩායම් ගින්න පාලනය කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ගින්න හටගන්නා අවස්ථාවේ නිවසේ කිසිවකු සිට නොමැති අතර නමුත් වහාල සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ගින්න ඇති වීමට හේතුව මෙතක් අනාවරණ වී නැහැ.