කාසල්රි ජලාශයට ප්රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය (19) දින පස්වරුවේ පිටාර ගැලිමෙන් ඔයේ සැඩ පහරට හසු වි පුද්ගලයෙකු ගසාගෙන ගොස් ඇති බවත්, පසුව ගසාගෙන ගිය පුද්ගලයා බගවන්තලාව පොලිසිය සහ ප්රදේශවාසින් එක්ව දැඩි පරිශ්රමයක් දරා බේරාගෙන බගවන්තලාව ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව බගවන්තලාව පොලිසිය පැවසිය.
කෙසෙල්ගමුඔය හරහා ඉදි කර ඇති පාලමකින් බගවන්තලාව කිලානි වතුයායේ පිහිටි ඔහුගේ නිවසට යාමට උත්සහ කිරිමේදි කෙසෙල්ගමුඔයේ සැඩ පහරට හසු වි එම පුද්ගලයා ගසාගෙන ගොස් ගසක අත්තක එල්ලි සිටියදි ඉන් මුදාගත් බවයි පොලිසිය කියා සිටියේ.
කාසල්රි ජලාශයේ ප්රධාන ජල පෝෂක ප්රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයට (19) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසල ජලයෙන් යට වු අතර , බගවන්තලාව කොටියාගල වතුයායේ වතු නිවාස කිහිපයක්ද ජලයෙන් යට විය.
කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා බගවන්තලාව වතුයායේ පවත්වාගෙන යන එලවළු වගා භුමියක්ද සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වි තිබුණි.
කෙසෙල්ගමුඔය වැලි සහ රොන්මඩ වලින් පිරි ඇති නිසා ඔය පටු වි ඇති බවත්, කෙසෙල්ගමුඔය සුළු වර්ෂාපතනයකදි පවා පිටාර ගලන බවත්, එම ඔය පුළුල් කිරිමේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙසයි බගවන්තලාව ප්රදේශයේ කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් පිඩාවට පත් ජනතාව කියා සිටින්නේ.
(හැටන් රංජිත් රාජපක්ෂ)