හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ තවත් තිදෙනෙක් එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (08) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.
එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ඇප මත මුදා හැර තිබෙනවා.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුවට අදාළ විමර්ශනවලදී ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ගැනුනා.