Hot News
කොක්කුතුඩුවායි සමූහ මිනිවළේ කැනීම් කටයුතු නැවත අරඹයි

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ සම්බන්ධයෙන් වන තෙවැනි අදියරේ කැනීම් අද(20) නැවත ආරම්භ කෙරිණ.
මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව මහතා පැවසුවේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝග යටතේ සමූහ මිනිවළ පැවති ස්ථානයේ කැනීම් කටයුතු තෙවැනි අදියර යටතේ නැවත ආරම්භ කළ බවයි.
මිනිවළ තුළින් ගොඩගත් මිනිස් අස්ථි කොටස්වල පරීක්ෂණ වෙනුවෙන් මිනිවළ කැනීම් කටයුතු තාවකාලිකව සැප්තැම්බර් 15 වැනිදා නවතා දැමීය.
සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කටයුතු දෙවැනි අදියර නවතා දැමීම සම්බන්ධයෙන් කැනීම් භාර පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා කැනීම් කටයුතු නවතා දැමීම සම්බන්ධයෙන් පැවසුවේ, සමූහ මිනිවළ තුළින් දැනට ලැබී තිබෙන සාක්ෂි විශ්ලේෂණය වෙනුවෙන් කැනීම් කටයුතු තාවකාලිකව මාස දෙකක කාලයකට නවතා දමන බවයි.
සමූහ මිනිවළ මේ දක්වා අවස්ථා දෙකකදී කැනීම් සිදුකළ අතර, කැනීම් තුළින් පූර්ණ මිනිස් අස්ථි කූඩු 17 ක අස්ථි කොටස් ගොඩ ගැනීම සිදුකළ බව කැනීම් නිළධාරීන් පවසති.
මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ දෙවැනි වතාවට කැනීම දින නමයක් සිදුකළ අතර, එහිදි පූර්ණ මිනිස් සිරුරු 17 කට අදාළ අස්ථි කොටස් හා පතුරම් උණ්ඩ වැනි කොටස් තුනක් හා එල් ටි ටි සංවිධානයේ සාමාජිකයින් හදුනාගැනීමට පළදින ලද යැයි කියන අංක තහඩු පහක්, අපවිත්‍ර ජලය පවිත්‍ර කරන උපකරණයක්, සයිනයිඩ් කරලක්, කාන්තා තනපට, ආරක්ෂක අංශ භාවිතා කරන කැළෑ ඇදුමට සමාන ඇඳුම් වැනි උපකරණ රැසක්ද හමුව ඇති බවද කැනීම් නිළධාරීන් පැවසීය.
කැනීම් තුළින් හමුවු අස්ථි කොටස් අතර කාන්තා තනපට දැක ගැනීමට හැකිවන බැවින්, මේ දක්වා හමුවු සියළු සිරුරු කාන්තාවන්ගේ විය හැකි බවට සැක කරන බව මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසති.
ගොඩගත් අස්ථි කොටස් මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලේ ස්ථාපිත විශේෂිත කුටියක තැන්පත් කොට ඇති බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව මහතා පැවසුවේය.
කැනීම් තුළින් එක මත එක පිහිටි අස්ථි කූඩු මතුකරගත් බවත්, හමුවු අස්ථි කූඩු අවිධිමත් ලෙසට වළට දමා ඇති බව නිරීක්ෂණය වන අතර, පොදු සුසානයක සිරුරු තැන්පත් කරන ආකාරයට ක්‍රමානුකූල බවකින් තොරව සිරුරු වළට දමා ඇති බව මුලිකව දැක ගැනීමට හැකි වන බවද කැනීම් නිලධාරීන් පැවසූහ.
මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ වර්තමාන මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් සිදුකරති.
යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යව පිළිබඳ මහාචාර්ය පරමු පුෂ්පරත්නම් මහතා, මුලතිව් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව මහතා,යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය එස්.පිරනවන් මහතා ඇතුළු කණ්ඩායමක් කැනීම් කටයුතු වෙනුවෙන් එක්ව සිටිති.
කෝකිලායි පොලිස් නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා බොම්බ නිශ්ක්‍රීය අංශය,පුරාවිද්‍ය නිළධාරීන්,පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිළධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක් කැනීම් කටයුතු සඳහා සහයෝගය ලබාදෙයි.
ජල සම්පාදන මණ්ඩල සේවකයින් පිරිසක් ජල නළ එලීමක් වෙනුවෙන් කානුවක් කැපීමේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් පසුගිය ජුනි 29 වැනිදා පළමුව හමුව තිබිණ.
අස්ථි කොටස් හමුවු ස්ථානය පසුගිය ජුනි 30 වැනිදා පරීක්ෂා කළ මතභේදාත්මක සේවා හැරයාමක් සිදුකළ මුලතිව් හිටපු මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා විසින් ස්ථානයේ කැනීම් කටයුතු ජුලි 06 වැනිදා සිදුකරන ලෙසට පළමුව නියෝග කෙරිණ.
අදාළ ස්ථානය සම්බන්ධයෙන් කැනීම් කටයුතු පළමු වතාවට ජුලි 06 වැනිදා සිදුකිරීමෙන් අනතුරුව නවතා දැමිණ.
සමූහ මිනිවළ කැනීම් කටයුතු දෙවැනි අදියර යටතේ සැප්තැම්බර් 06 වැනිදා නැවත ආරම්භ කළ අතර,සැප්තැම්බර් 15 වැනිදා කැනීම් කටයුතු නවතා දැමීය.
මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්,අතුරුදහන්වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්,මුලතිව් දිස්ත්‍රික් දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක්ද කැනීම් කටයුතු නිරීක්ෂණයට එක්ව සිටියහ.
(වවුනියාව මාධව කුලසූරිය)





Hot News
දඩ මුදල් තවත් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

නීති සංග්‍රහයට කළ සංශෝධන අනුව දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
වර්තමාන මූල්‍ය අගයන්ට සාපේක්ෂව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-12-12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණා.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

Hot News
කඩුගන්නාව රෝහලේ බැම්මක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ බැම්මක් ඉදි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙක්ගේ ශරීරය මතට පැරණි බැම්මක් සහිත පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඔහු එම ස්ථානයේම මිය ගොස් තිබේ.
කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ පැරණි බැම්ම ඉවත් කොට නව බැම්මක් ඉදි කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර මෙම වැඩබිමේ කම්කරුවකු ලෙස සේවය කරමින් සිටි පුද්ගලයෙක් මතට 06 දින දහවල් 12 ට පමණ මෙම බැම්ම සහිත පස් කන්දක් කඩා වැටී ඇති බව සඳහන් වන අතර එම වැඩ බිමේ සේවයේ නිරතව සිටි අනෙක් පිරිස රෝහල් කාර්ය මණ්ඩලයේ සහායද ඇතිව අනතුරට පත් පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත් කොට රෝහල් ගත කළද ඒ වන විටද අදාළ පුද්ගලයා මරණයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
මෙසේ අවාසනාවන්ත ආකාරයෙන් මරණයට පත්ව ඇත්තේ පරණ පට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 33 හැවිරිදි රංජිත් අබේරත්න නම් පුද්ගලයෙක් බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කඩුගන්නාව පොලිසිය පවසයි.
(කේ.එල්. සුරවීර මහනුවර)
Hot News
හිටපු DIG නාලක ද සිල්වා නිදහස් කෙරේ

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඔහුට එරෙහිව පනවා තිබූ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළා.
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත ඔහුට එරෙහිව 2019 වසරේ දී එම නඩුව පවරා තිබුණ අතර ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා ඔහුව නිදහස් කරන ලෙස නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී තිබෙනවා.
-
Sports4 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World3 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News5 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
Hot News2 days ago
තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි
-
Hot News5 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News3 hours ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
World4 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්
-
World3 days ago
පිලිපීනයේ දේව මෙහෙයක් අතරතුර පිපිරීමක් – 3 දෙනෙක් ජීවිතක්ෂයට