විදුලි උපකරණයකින් කොණ්ඩය සකස්කරමින් සිටියදී උපකරණයෙන් විදුලිය කාන්දු වී විදුලි සැර වැදීමෙන් එක් දරු මවට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස විදුලිසැර වැදුණු මෙම කාන්තාව නිවසේ උඩු මහලේ පිහිටි නාන කාමරය තුළ ඇද වැටී ඇති බවයි කහතුඩුව පොලිසිය සඳහන් කරන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටී 30 හැවිරිදි කාන්තාවක් වන අතර 3 හැවිරිදිදියණියකගේ මවක්.

එමෙන්ම ඇය ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කළමනාකරණ සහකාර නිලධාරිනියක් ලෙසද කලක් සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here