ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කළ එම යෝජනාව සඳහා එලෙස අනුමැතිය හිමිව ඇත.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය 1988 අංක 27 දරණ ජෙනරාල් ශ්‍රීමත් ජොන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය පනත මගින් විශ්ව විද්‍යාලයක් බවට පත් කර ඇත.
සන්නද්ධ සේවාවන්හි සේවා අවශ්‍යතාවය අනුව වෛද්‍ය වෘත්තිකයින් වශයෙන් ශීෂ්‍යභට නිළධාරීන් පුහුණු කර වෛද්‍යවේදය සහ ශල්‍ය වෛද්‍යවේදය උපාධි පිරිනැමීම සඳහා 2011 වර්ෂයේ දී මෙම විශ්ව විද්‍යාලටය් වෛද්‍ය පීඨය ආරම්භ කර ඇත.