විදුලි බිල අඩු කිරීමත් සමඟ ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල ද පහළ යන බව සමස්ත ලංකා ආපනශාලා හා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරෙන බවයි එම සංගමය පවසන්නේ.
එමෙන්ම පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කෙරෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.