මත් කරල් 374 ක් හා හෙරොයින් මිලි ග්‍රෑම් 600 ක් සන්තකයේ තබාගෙන සිටි කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 ක කාන්තාවක් මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 138,000.00 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම කාන්තාව දිගු කලෙක පටන් නිතියේ ඇසට වැලි ගසමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සුක්ෂමව සිදුකරගෙන ගොස් ඇති බවට කරුනු අනාවරණය වි ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කඳවුරට අනුයුක්තව දිවයිනේ සිදුවන මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හේතුවෙන් රාජකාරී යොදවා ඇති විශේෂ කාර්ය බලකායේ ආරක්ෂක සැලැස්මට අනුව D කලාප කණ්ඩායමේ පොලිස් පරික්ෂක එච්.ඩී.ඒ.එම්. හපුආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීමක් සිදුකර ඇත.
(අම්බලන්ගොඩ – අනුරාධ ප්‍රියදර්ශන)