Hot News

කොසු මිටකින් පහර කෑ පාසල් සිසුන් තිදෙනෙක් රෝහලේ

ගුරුවරයෙකු විසින් කොසු මිටකින් පහරදීම නිසා පාදුක්ක නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.

සිසුන් හත්දෙනෙකුට අදාළ ගුරුවරයා විසින් කොසු මිටකින් පහර දී ඇත්තේ ඉගෙනුම් කාලය තුළ පාසලේ ආපනශාලාවේ රැදී සිටීම නිසා බව අනාවරණය වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය විමර්ශනයක් සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version