කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ, බෙරගල, බත්ගොඩ නායයෑම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම ස්ථානයේ නායයාමේ අවදානම තවදුරටත් පවතින බවයි එහි ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවසුවේ.
කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය බෙරගල ප්‍රදේශයෙන් වසා දමා ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා දැනුම් දෙයි.