Connect with us

Hot News

කොළඹ විශ්වවිද්‍යාලයේ AI මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන් වෙන් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටක් ලෙස ඉදිරියට යාමේදී විද්‍යාත්මක හා පර්යේෂණ ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්, ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට අවශ්‍ය ආයතන පද්ධතිය නිර්මාණය කිරීමට ද මේ වන විට රජය පියවර ගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ විද්‍යා අංශය තුළින් මෙරටට මහඟු සේවයක් ඉටුකළ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ සිය වන ජන්ම දිනය වෙනුවෙන් අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ජන්ම දින සැමරුම් උත්සවය අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මහා විද්වතෙකු වූ ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඝාතනය සමඟ මෙරට උසස් අධ්‍යාපනයටත්, විද්‍යාවටත් මහඟු සහායක් ලබාදිය හැකි මානව සම්පතක් රටට අහිමි වූ බවයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ටැන්ලි විජේසුන්දර AI මධ්‍යස්ථානය (AI Corner) විවෘත කිරීමද මේ හා සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

උත්සව ස්ථානයේ තැන්පත් කර තිබු ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ පිළිරුව විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර මහාචාර්ය ස්ටැන්ලි විජේසු‍න්දර මහතාගේ සියවන ගුණ සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.

එසේම ජන්ම දින සැමරම් උත්සවය සාර්ථක කර ගැනීමට දායකත්වය ලබා දුන් අය වෙනුවෙන් ස්ටැන්ලි විජේසුන්දර පවුලෙන් පිරිනැමුණු උපහාර පත්‍රය පිළිගැන්වීම සිදු කෙරුණේද ජනාධිපතිවරයා අතිනි.

“උසස් අධ්‍යාපනය සහ සංවර්ධනයේ කාර්යභාරය” මැයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් මෙහිදී විශේෂ දේශනයක් සිදු කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

මම ස්ටැන්ලි විජේසුන්දර මහතා හඳුනාගෙන සිටියේ කුඩා කාලයේ සිටයි. එතුමා විවාහ වුණේ අනෝජා විජේවර්ධන මැතිණිය සමගයි. වෝල්ටර් විජේවර්ධන මැතිතුමාගේ පවුලත් අපේ පවුලත් අතර ඉතා සමීප සබඳතාවයක් තිබුණා.

එසේම 1968 මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වන විට ස්ටැන්ලි විජේසුන්දර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියා. මම නීති අංශයේ අධ්‍යාපනය ලැබූ අතර එතුමා විද්‍යා අංශයේ කටයුතු කළා.

ඉන් පසුව එතුමා විටින් විට මුණ ගැසීමට මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන් 1977 වර්ෂයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා යටතේ බිහි වූ ආණ්ඩුවේ ස්ටැන්ලි විජේසුන්දර මහතා, ස්ටැන්ලි කල්පගේ මහතා සමඟ සමීපව කටයුතු කළා. නව විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සකස් කිරීමට අප සියලු දෙනා එක්ව කටයුතු කළා.

මේ අතර ස්ටැන්ලි විජේසුන්දර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස පත් කිරීමට තීරණය කෙරුණා. එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නිශ්ශංක විජේරත්න අමාත්‍යවරයාත් ඊට එකඟ වුණා. එතැන් සිට කොළඹ විශ්වවිද්‍යාලයේ දියුණුව වෙනුවෙන් ස්ටැන්ලි විජේසුන්දර මහතා විශාල වැඩකොටසක් සිදු කළා.

මටත් අවශ්‍ය වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ විශාල දියුණුවක් දකින්නයි. කෙසේ හෝ එම කටයුතු ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා ඉදිරියට ගෙන ආවා. විශේෂයෙන් එහි විද්‍යා අංශයේ දියුණුවට ආචාර්ය සමරනායක මහත්මයා සමග එතුමා විශාල වැඩකොටසක් සිදුකළා වගේම පරිගණක මධ්‍යස්ථානය ද ආරම්භ කරනු ලැබුවා. ඒ වගේම විද්‍යා සහ කෘෂිකර්ම ක්ෂේත්‍රය පිළිබඳ එතුමා දැඩි ලැදියාවක් දැක්වුවා.

උපාලි විජේසුන්දර මහත්මයාගේ මරණයෙන් පසු කැළණිය රජමහා විහාරයේ නිළමේවරයා ලෙස ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා පත්වුණා. මම එහි දායක සභාවේ සාමාජිකයෙක් ලෙස එතුමා සමග වැඩ කටයුතු කළා.
ස්ටැන්ලි විජේසුන්දර මහතා පමණක් නොවෙයි දැනුම තිබෙන සහ අධ්‍යාපනට මහත් සේවයක් කළ විශ්වවිද්‍යාල ආචාර්යවරු කිහිප දෙනෙකුම මෙම සමයේදී ඝාතනයට ලක් වුණා. ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කළා වගේම මොරටුව විශ්වවිද්‍යාලය වෙනුවෙන් විශාල සේවයක් කළ බටුවත්තවිතාන මහතා ද ඝාතනය කළා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් ආචාර්යවරයෙක් ඝාතනය කරනු ලැබුවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ වමේ සංවිධානවල කටයුතු කළ දයා පතිරණ ශිෂ්‍යයා රැගෙන ගොස් ඝාතනය කිරීමත් සමඟ මෙම පසුබිම නිර්මාණය වුණා. මෙම සමයේදි ශිෂ්‍යයන් ගණනාවක් ඝාතනයට ලක් වුණා. පොලිසියෙන් නෙවෙයි මේවා කළේ. පොලිසියෙන් කරන්නේ පෙළපාලි ගිහින් නීති කැඩු විට අද මෙන් ඊට අදාළ පියවර ගැනිම පමණයි. ඒ මිස වෙන දෙයක් කළේ නැහැ. මෙම ඝාතන කළේ පොලිසියෙන් නොවන බව අප මතක තබා ගත යුතුයි.

ආචාර්යවරු ගණනාවක් ඝාතනය කළා. ඒ වගේම කොළොන්නාවේ සද්ධාතිස්ස හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා ගණනාවක් ඝාතනය කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ ශිෂ්‍යයා ඝාතනය කළ සමයේ එහි උපකුලපති ලෙස කටයුතු කළේ ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා.

පොලිසියට අවශ්‍ය වුණා එහි ශිෂ්‍යයන් අරගෙන ගොස් ප්‍රශ්න කරන්න. නමුත් එතුමා ඊට ඉඩ දුන්නේ නැහැ. එතුමා මටත් කථා කළා. මම කිව්වා මේක ශිෂ්‍ය වැඩකටයුත්තක්, ඒකට අත ගහන්න ගියොත් ප්‍රශ්න ඇති වෙයි කියලා.
ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඝාතනය සමඟ මෙරට උසස් අධ්‍යාපනයටත්, විද්‍යාවටත් සහයෝගය දිය හැකි හොද දැනුම ඇති මානව සම්පතක් රටට අහිමි වුණා. එතුමාගේ සියවන ජන්ම දිනය වෙනුවෙන් තමයි අද අප මෙතැනට රැස්වී සිටින්නේ. එතුමාගේ ගුණ සැමරීම වෙනුවෙන් මීට පෙර උත්සව ගණනාවක් පැවතුණා. නමුත් අද එය වෙනස් අන්දමින් සමරනු ලබනවා. අද කොළඹ විශ්වවිද්‍යාලයේ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ මාධ්‍යස්ථානය ආරම්භ කරනු ලැබුවා.

අද ලෝකය ඉදිරියට යන්නේ කෘත්‍රීම බුද්ධිය සමඟයි. දැනට මාස කිහිපයකට පෙර කෘත්‍රීම බුද්ධිය ඉදිරිපත් කළ ප්‍රධාන සමාගමේ අධ්‍යක්ෂවරු අතර විශාල අර්බුදයක් ඇති වුණා. මොකද සීමාවක් නැතිව මෙය භාවිත කරයිද කියන ගැටලුවක් තිබෙනවා. කෙසේ හෝ මීට මාස දෙකකට පමණ පෙර එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන රටවල නායකයන් සියලු දෙනා කැඳවා එකඟතාවකට එළැඹුනා මෙය පාලනය කළ යුතුයි කියා. ඒ වගේම යුරෝපා සංගමයෙන් ඒ සඳහා පළමු නීතිය ඉදිරිපත් කරනවා කියලා ප්‍රවෘත්ති වාර්තාවක් පළවී තිබෙනවා මම දුටුවා. නමුත් මෙයින් අපට ඈත් වෙන්න බැහැ. මෙම තාක්ෂණය සමඟ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.
ඒ අනුව කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය වෙනුවෙන් ලබන වසරේ අයවැයෙන් රුපියල් බිලියන 1.5ක් වෙන් කර තිබෙනවා. මම ඒ පිළිබඳ එම ක්ෂේත්‍රයේ පිරිසක් සමග සාකච්ඡා කළා. ඒ වගේම අනෙක් පිරිසත් සමඟ සාකච්ඡා කිරීමට සූදානමින් සිටිනවා. මේ අනුව ලංකාවේ පළමු වතාවට AI තාක්ෂණය ඉදිරියට ගෙන යාමේ වැඩකටයුතු අප ආරම්භ කර තිබෙනවා.

එපමණක් නොවෙයි තවත් රුපියල් බිලියන 08ක් වෙන් කර තිබෙනවා විද්‍යා සහ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට. කිසි දිනක මෙලෙස මුදල් වෙන් කර තිබුණේ නැහැ. අප ඉදිරියට යනවා නම් විද්‍යා හා පර්යේෂණ ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

ඒ වගේම දේශගුණික විපර්යාස, හරිත බලශක්තිය පිළිබඳවත් අප අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළව විශාල ආයෝජන දෙකක් දැනට කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා.

සූර්ය බලය, තාප විදුලි බලය සහ සුළං බලය යන පුනර්ජනනිය බලශක්තිය සමග අපට ඉදිරියට යාමට හැකියාව තිබෙනවා. නමුත් එකම ප්‍රශ්නය වී තිබෙන්නේ තවමත් බොහෝ අය පුරුදුව සිටින්නේ ගල් අගුරු ගෙන ඒමට සහ තාප විදුලි බලාගාර ඇති කිරීමට. මෙය නතර කිරීම තමයි විශාලම ගැටලුව වී තිබෙන්නේ. මොකද ඒකට හේතුව සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් කොමිස් ගන්න බැහැ. නමුත් මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. ඊට බාධා ඇතිවිය හැකියි. නමුත් අප ඉදිරියට යා යුතුයි.

හරිත ආර්ථිකය සහ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම අපේ අරමුණයි. දකුණු ඉන්දියාවේ තෙලංගනා, ආන්ද්‍රා ප්‍රදේශයේ සහ බැංග්ලෝ වල විශාල ඩිජිටල් ආර්ථිකයක් තිබෙනවා. අපේ රටටත් එය ගෙන ආ යුතු නිසා නව ආයතන කිහිපයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. පළමුව මෙම විද්‍යා හා පර්යේෂණ කටයුතු සඳහා වෙන් කර ඇති බිලියන 08ක මුදල වියදම් කිරීම සඳහා Technology and Innovation Council නමින් ආයතනයක් ඇති කරනවා. තාක්ෂණයෙන් වාණිජ්‍ය ප්‍රයෝජන ලබාගැනීම එයින් සිදු කෙරෙනවා. මෙම වෙන් කර ඇති රුපියල් බිලියන 08 එක් එක් අංශවල දියුණුවට යෙදවීම එම ආයතනයට පැවරෙනවා.

ඒ සමග ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යාමට ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයක් ඇති කිරීමට අප පියවර ගෙන තිබෙනවා. එහි කොටසක් ලෙස AI කේන්ද්‍රය ඇති කරනවා. ඒ සඳහා අවශ්‍ය නීති පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් පසු නව විද්‍යාත්මක ආර්ථිකයක් සහ හරිත ආර්ථිකයක් ඇති කර ගැනීමට අවශ්‍ය ආයතන පද්ධතිය ඇති වෙනවා.


Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

Watch : හරීන්ගේ ඉන්දියා කතාවට සද්දේ දාපු විමල්ට හරීන් හොඳට අමතයි

Continue Reading

Hot News

භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දමයි

උඳු, මුං ඇට හා කව්පි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 300ක සහ බඩ ඉරිඟු සඳහා රුපියල් 25ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා.

ඊයේ (20)දිනයේ සිට මෙම නව බද්ද ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

Continue Reading

Hot News

වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණයට සක්‍රීය යාන්ත්‍රණයක්

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සංවිධානයෙන් හා අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන එක්ව සිදුකරගෙන යනු ලබන “වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සක්‍රිය යාන්ත්‍රණයක්” සැකසීම වෙනුවෙන් වූ රැස්වීමක් පැවැත්විණි.

ඒ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මීට පෙර ඇතිකරගත් එකඟතාව පරිදි “වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සදහා සකසන ලද යෝජනාවලිය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදී .

මෙම යෝජනාවලිය අනුව වෙරළ ආශ්‍රිත කලාපයේ අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධිත සියලු ආයතන නියෝජනය වන පරිදි වෙරළ කලාපය කළමනාකරණය සදහා කමිටු ස්ථාපනය කිරීම සිදු කරනු ලබයි.මෙමගින් වෙරළ කලාපය හා ධීවර වරායන් තුල පරිසර දූෂණය පාලනය කිරීම , අවම කිරීම හා වැළැක්වීම සදහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග කඩිනමින් සිදු කිරීමට හැකිවනු ඇත.

තවද මේ අවස්ථාවේදී වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගනිමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් මේ හා සම්බන්ධ සුහුරු තාක්ෂණය ඔස්සේ Mobile Application හදුන්වා දීමද සිදු කෙරිණි.එසේම මෙම Mobile Application අදාළ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත ඉතා කෙටි කාලයක් ඇතුලත ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සියලු කටයුතු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සිදු කරමින් පවතින බව අධිකාරියේ සභාපති නීතිඥ අසේල බී. රැකව මහතා පැවසීය.

මෙම යෝජනාවලීන් ක්‍රියාවට නැංවීම තුලින් වෙරළ කලාපය හා ධීවර වරායන් තුල පරිසර දූෂණ වැළැක්වීම හා පාලනය කිරීම සදහා එම විෂයන්ට අදාළ ආයතන සතු වගකීම තවදුරටත් තහවුරු කර ගනිමින් එම ආයතන සාමුහිකත්වයෙන් ක්‍රියාත්මක වෙමින් මේ වනවිටත් පිහිට වනු ලැබූ ජාතික කමිටු හා දිස්ත්‍රික් කමිටු හා පළාත් පාලන ආයතන මට්ටමින් පිහිටුවනු ලැබූ ප්‍රාදේශීය කමිටු හරහා ඵලදායී ලෙස වෙරළ කලාපයන් , ධීවර කලාපය තුළ අපද්‍රව්‍ය කළමනාකරණය සිදු කිරීමට අපේක්ෂා කරනු ලැබේ.

මෙමගින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අරමුණු කර ගනු ලැබුවේ වෙරළ කලාපය හා ධීවර කලාපයන් තුල පරිසර දූෂණය පාලනය කිරීම ක්‍රම අවම කිරීම හා වැළැක්වීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් සිදු කිරීමත්, වෙරළ කලාපය හා ධීවර කලාපයන්හී සුරක්ෂිතතාව තහවුරු කරමින් ශ්‍රී ලංකව ජාත්‍යන්තරයට එකඟ වී ඇති ගෝලීය සංවර්ධන ඉලක්ක සපුරාලමින් මහජනතාවටත් විදේශීය සංචාරකයින්ටත් වඩාත් ආකර්ශනීය ස්ථාන ලෙස වෙරළ හා ධීවර වරායන් පවත්වා ගෙන යාම, පමණක් නොව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සදහා ද දායක වීම තුළින් නිරෝගී මතු පරපුරක් රටට දායාද කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.

පරිසර අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති,සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල. බී. රැකව,සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහත්වරුන් සහ මධ්‍යම පරිසර අධිකාරිය, ධීවර සංස්ථාව ඇතුළු මෙම ක්ෂේත්‍රය හා සම්බන්ධ ආයතන රැසක ප්‍රධානීන්ද මේ අවස්ථාවට සහභාගී විය

Continue Reading
Advertisement
Hot News11 mins ago

Watch : හරීන්ගේ ඉන්දියා කතාවට සද්දේ දාපු විමල්ට හරීන් හොඳට අමතයි

Politics2 hours ago

කුහක වෙන්න එපා. යමෙක් මාතෘභූමියට අගයක් එකතු කරන විට එයට සහය දෙන්න – සජිත්

Hot News2 hours ago

භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දමයි

World3 hours ago

අයිෆල් කුළුණ සංචාරකයින්ට වැසේ

Hot News3 hours ago

වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණයට සක්‍රීය යාන්ත්‍රණයක්

Hot News4 hours ago

Online පනතට එරෙහි පෙත්සමට නීතිපතිගෙන් විරෝධතා

Politics5 hours ago

රට හදන තැන අදත් රැස්වෙයි

Hot News6 hours ago

මහබාගේ වෙඩිතැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Sports6 hours ago

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන අවසන් 20-20 තරගය අද

Weather6 hours ago

අද ප්‍රදේශ රැසකට පොඩි පොඩි වැසි

Hot News17 hours ago

ගෘහ සේවයට කාන්තාවන් විදේශගත කිරීම අත්හිටුවිමේ තීරණයක් ?

Politics19 hours ago

Watch : නිසි වැඩ පිළිවෙලක් නැත්නම් රනිල් සමඟ එක්වෙන්නේ නෑ – රාජිත

Hot News19 hours ago

Watch : වීසා නැතුව පොලිසියට සද්දේ දැමු චීන කාන්තාව පොලිසියෙන් කුදලගෙන යයි

Politics19 hours ago

ජනාධිපති අපේක්ෂක අභියෝගය භාරගන්න මම සූදානම් – පාඨලී

Politics20 hours ago

රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කෘෂිකර්මාන්තය පිළිබඳ දැඩි විශ්වාසයක් තබා තිබෙනවා

Politics20 hours ago

යෝජිත ධීවර පනතින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම්වලට කිසිදු හානියක් නැහැ

Politics20 hours ago

හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

Hot News21 hours ago

වික්ටෝරියා වේල්ල මතින් පොදු වාහන ධාවනය කිරීමේ යෝජනාව සම්මත වෙයි

Politics21 hours ago

ගෝඨාභයගේ පෞද්ගලික ලේකම් එම ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Politics22 hours ago

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දෙයි

Hot News23 hours ago

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පැවිදි දිවියට

Hot News23 hours ago

පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලට බඹර ප්‍රහාරයක් – සිසුන් 73ක් රෝහලේ

Politics1 day ago

සති පාසල වැඩසටහන ජාත්‍යන්තරයට ගෙනයාමට සුදානම් – සුසිල්

Politics1 day ago

පාර්ලිමේන්තුව ක්‍රියාත්මක නොවන රටක් ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරයි – කතානායක

Hot News1 day ago

තලල්ල ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමක්

Hot News1 day ago

ඔන්ලයින් පනත ගැන ජුලි චන්ග් කනස්සල්ලෙන්

Hot News1 day ago

පස්දෙනෙක් රෝහලට යැවූ අනියම් පෙම

Hot News1 day ago

අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම මාර්තු මාසයේ දී ආරම්භ කරනවා – සුසිල් ප්‍රේමජයන්ත

Sports1 day ago

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලි කාලසටහන නිවේදනය කෙරේ

Hot News1 day ago

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඇති කිරීම ගැන දැනුවත් කෙරේ

Hot News2 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News1 week ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports4 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News3 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports3 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News2 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News1 month ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local4 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local4 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News3 weeks ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News2 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

World1 month ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

Hot News3 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World3 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News2 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports4 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World4 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World3 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 weeks ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

Hot News4 weeks ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News3 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News2 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News2 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News4 months ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Uncategorized2 months ago

කහවත්තේ මව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දියණිය නිදහස්

Sports4 months ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News2 months ago

තම ජීවිතය ගැන නොසිතා මහ රෑ පූඩලු ඔයට පැන එක් දරු මවකගේ ජීවිතය බේරාගත් පොලිස් නිළධාරියා

Hot News4 weeks ago

Watch: මාරක රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

Hot News1 week ago

දේපොළ කොල්ල කෑමට ආ පුද්ගලයකු නිවැසියන්ගේ ප්‍රහාරයකින් මරුට

Hot News11 mins ago

Watch : හරීන්ගේ ඉන්දියා කතාවට සද්දේ දාපු විමල්ට හරීන් හොඳට අමතයි

Hot News19 hours ago

Watch : වීසා නැතුව පොලිසියට සද්දේ දැමු චීන කාන්තාව පොලිසියෙන් කුදලගෙන යයි

Sports1 day ago

Watch : මතීෂට නෙට් එකේ බැට් කරන එක තමයි අමාරුම් වැඩේ

Hot News2 days ago

රටම කැළඹූ කොටකෙතන මව සහ දියණිය අවසන් ගමන් යැවූ සැකකරුට මරණ දඬුවම

Hot News2 days ago

Watch : ටිකට් ඉවරයි කියද්දීත් මිනිස්සු වැටවල් කඩාගෙන ටිකට් ගන්න එයි

Politics3 days ago

Watch : ගැහැණු සියල්ල එක මිටට අරන් අනුර කුරුණෑගලට

Hot News3 days ago

Watch : මුහුණේ තුවාල සහිතව මියගොස් සිටි තිදරු මවගේ සිරුර හමුවෙයි

Politics4 days ago

Watch : මේ රටට ගොඩක් මහන්සියි , ගොඩක් අමාරුයි ඔබගේ ජීවිතවලට දැනෙන වෙනසක් අවශ්‍යයි

Hot News4 days ago

මම හැමදාම ඉන්නේ කාර්යාල අඩස්සියේ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

Hot News4 days ago

Watch : ප්‍රසිද්ධ පාසලක ගුරු – විදුහල්පති කඹ ඇදිල්ල නිසා බණ්ඩාරවෙලම උණුසුම් වෙයි

Hot News5 days ago

Watch : හදවතේ ගායකයා චාමර වීරසිංහ බැලීමට සජිත් ප්‍රේමදාස ඔහුගේ නිවසට යයි

Hot News5 days ago

Watch : සැමියාගේ මන්න මිටි පහරින් 21 හැවිරිදි බිරිඳ ජීවිතක්ෂයට

Politics6 days ago

Watch : කෙහෙළිය අසනීප නිසා අද උසාවියට එන්න බෑ කියලා , කෙහෙළිය නැතුවම නඩුව ඉදිරියට යයි

Hot News6 days ago

Watch : බස්වල සිංදු කියලා ත්‍රීවීල් එක උකස් තියලා ජෝතිගේ නමට බස් හෝල්ට් තුනක් හදපු රසිකයා

Hot News6 days ago

Watch : සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල ඇඟට දැනෙන ලෙස අඩු කරයි

Politics7 days ago

Watch : වතුකරයේ ජනතාව කම්කරුවන් ලෙස නොව ව්‍යවසායකයන් කිරීමේ අරමුණින් සජබෙ සාමුහික ප්‍රඥප්තියකට අත්සන් කරයි

Hot News1 week ago

Watch : තම නැගණිය දුක් මහන්සියෙන් වගා කළ කුඹුර , අයියයි අක්කයි විෂ නාශක තෙල් ගසා විනාශ කරලා

Hot News1 week ago

Watch : ගිලන් රථයට යන්න නවත්තපු දුම්රිය ගමන

Hot News1 week ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Hot News1 week ago

Watch : රෙදි කෑල්ල ගසක ගැට ගසා සෙල්ලම් කරමින් සිටි දරුවා ගෙල සිර වී අවාසනාවන්ත ලෙස මියයයි

Hot News1 week ago

Watch : නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙක් නිවැසියන්ගේ ගුටි කා අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : තමන් විදුහල්පති බව අමතක කරලා වේදිකාව දෙවනත් කරමින් විදුහල්පතිවරයා දාපු ලස්සන නර්තනය මෙන්න

Politics2 weeks ago

Watch : ඉන්දීය සංචාරය ගැන එල්ල වූ චෝදනාවලට අනුර කුමාරගෙන් සැර උත්තරයක්

Politics2 weeks ago

Watch : නාමල් සහ ලිමිණිගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න රාම් කෝවිලෙන් ආශිර්වාද

Politics2 weeks ago

Watch : සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

Entertainment2 weeks ago

Watch : දකුණු ඉන්දීය ප්‍රකට සංගීතඥ හරිහරන් යාපනයට පැමිණෙයි

Politics2 weeks ago

Watch : අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 20ක් ලබා දෙනවා – ජනපති

Politics2 weeks ago

Watch : සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න හිටපු නාවික හමුදාපති දයා සඳගිරිත් සජබෙට

Hot News2 weeks ago

Watch : තිලිණි ප්‍රියමාලි තවත් නඩුවකින් නිදොස්කොට නිදහස් කරයි

Hot News2 weeks ago

Watch : විල්පත්තුවට ගිය භික්ෂුන් වහන්සේලා හා පරිසරවේදීන්ට තාඹුගලගේ මැර පිරිසකගෙන් ප්‍රහාරයක්

Advertisement

Categories

Trending