අද උදෑසන දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති නිහාල් දිසානායක මහතාට ලැබුණු තොරතුරක් මත දිවුලපිටිය නගරයේදී කෝටි 3 කට අලෙවි කරන්න ගිය ගජමුතු තුනක් සමග සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටි පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී එක් පුද්ගලයෙක් අනුරාධපුරයේ බවත් අනිත් සැකකරු මීගමුව කුරන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් සැකකරුවන් දෙදෙනා පොලිසියට පවසා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙකු මීගමුව කුරණ ප්‍රදේශයේ කපු මහතෙක් බව දිවුලපිටි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සුපෝපොබෝගි කාර් රථය සහ කෝටි තුනකට අලෙවි කරන්න ගිය ගජමුතු තුන සමග සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දිවුලපිටිය පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතා පවසයි.
(මිනුවන්ගොඩ දමිත් තිසර)