

Hot News
කෝප් කමිටුවේ රැස්වීම් තාවකාලිකව නවතා දමයි
කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටුවන බවයි.
කථානායකවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (17) පාර්ලිමේන්තුවේදී කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි.
කෝප් කමිටුව තුළ දැනට උද්ගත වී ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීමෙන් අනතුරුව එම කමිටු රැස්වීම නැවත ආරම්භ කළ හැකි බවයි.
Hot News
නව කැලණි පාලම තාවකාලිකව වැසේ

නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.
සිදුකෙරෙන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.


Hot News
අක්‍රීයව පවතින Gmail ගිණුම් ඉවත් කිරීම හෙට සිට ඇරඹෙයි

පසුගිය වසර දෙක තුළ භාවිතා නොකරන අක්‍රීයව පවතින Gmail ගිණුම් මකා දැමීම හෙට (01) දිනයෙන් ආරම්භ කරන බව Google සමාගම පවසයි.
ඒ අනුව Google Drive, Docs, Calendar, Meet, සහ Google Photos යෙදුම්වල ඇති සියලුම අන්තර්ගතයන් පරිශීලකයින්ට අහිමිවනවා.
ගිණුම මකා දැමීමට පෙර පරිශීලකයින්ට දැනුම්දීම් කිහිපයක් යැවීමට නියමිත අතර මේ හරහා නැවත ගිණුම් සක්‍රිය කර ගැනීමට කාලයක් ලබාදෙන බවත් වාර්තා වෙනවා.
Hot News
නොවැම්බර් මාසයේ උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මාසයේ උද්ධමනය 3.4% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එය ඔක්තෝබර් මාසයේ වාර්තා වූයේ 1.5% ක් ලෙසයි.
ඔක්තෝබර් මාසයේ -5.2% ක්ව පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේ – 3.6% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේදී 6.8% ක් දක්වා වැඩිවී ඇති අතර එය පසුගිය මාසයේ දැක්වුණේ 4.9% ක් ලෙසයි.
-
World3 days ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World4 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports4 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News3 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Sports4 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Politics2 days ago
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට
-
Sports4 days ago
වනිඳු හසරංගව බැංගලෝරය ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි