තවත් වෙඩිතැබීමේ සිද්ධියක් ගම්පහ තම්මිට ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද (06) රාත්‍රී කාලයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබෙන බවට වාර්තා වනවා.

වෙඩිවැදුණු 29 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ ඔහු උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here