ගම්පහ මහ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය මාසයක් තිස්සේ අක්‍රිය වී ඇතැයි විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

ඒ හේතුවෙන් දෛනිකව සිදුකරන පරීක්ෂණ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි එම සංගමයේ සභාපති, චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ.

එම ස්කෑන් යන්ත්‍රයෙන් දෛනිකව රෝගීන් 50කට වැඩි ප්‍රමාණයකගේ පරීක්ෂණ සිදු කෙරෙන බව ද ඔහු සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here