ගම්පොල අධ්‍යාපන කාර්යාලයේ වැසිකිළියක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, වයස 44ක් වූ ගම්පොළ අධ්‍යාපන කාර්යාලයේ බහුකාර්ය සහායකයෙකු ලෙස සේවය කළ රත්මල්කඩුව, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ගම්පොළ හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here