මුන්දලම 61 හංදිය ප්‍රදේශයේ මාර්ගයක යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනෙකු මතට අද (23) දහවල් ගසක් කඩා වැටී එක් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනෙක් තරුණිය බරපතළ තත්ත්වයෙන් මේ වනවිට හලාවත රෝහලට ඇතුළත් කර ඇතැයි මුන්දලම පොලීසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 23 හැවිරිදි මුන්දලම, දේවාල හංදිය, විල්පොත ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

අදාළ තරුණියන් දෙදෙනා විල්පොත සිට හලාවත දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මාර්ග අසල තිබු ගසක් හමා ආ සුළඟත් සමග එකවර මෙම තරුණියන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදිය මතට කඩා වැටී තිබෙනවා.

ප්‍රදේශවාසීන් ගස ඉවත් කර ඇති අතර, ගසට යට වීමෙන් එක් තරුණියක් බරපතළ තුවාල ලබා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here