සමගි ජන බලවේගයේ කටුගම්පොල ආසනයේ ආසන සංවිධායක ධුරය හෙබවූ අසංග ජයවික්‍රම පෙරේරා මහතා අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂය සමග එක් වුණා.

ඒ අනුව අද සිට එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල ආසනයේ ආසන සංවිධායක වරයා ලෙස කටයුතු කරනු ඇති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම අනුව යමින් ඔහුගේ ඉදිරිකටයුතු සදහා සිය සංවිධාන ශක්තිය ලබාදීම අසංග පෙරේරා මහතාගේ අරමුණයි.

මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සදහා කුරුණෑගල කටුගම්පල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ දැඩි ලෙස රෝගාතුරව සිටින හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සුවදුක් විමසා බැලීම සදහා කුරුණෑගල පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියා.

එහිදී ජනාධිපතිවරයාට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.

1941 වසරේ දී උපත ලැබූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා.

ගාමිණී ජයවික්‍රම පෙරේරා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ප්‍රධාන පෙලේ දේශපාලනඥයෙක් . කුරුණගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඔහු 2013 වසර දක්වා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළා.

2001 දෙසැම්බර් සිට 2003 නොවැම්බර් දක්වා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙසත්
2015 ජනවාරි සිට 2015 අගෝස්තු දක්වා – ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසත්,2015 සැප්තැම්බර් සිට 2018 පෙබරවාරි දක්වා තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා ලෙසත්,2017 අගෝස්තු සිට 2018 ඔක්තෝබර් දක්වා ‘‘බුද්ධ ශාසන’’ අමාත්‍යවරයා ලෙසත් රටට ඉමහත් සේවයක් ඉටුකළ ඔහුව අදටත් ජනතාව සිහිපත් කරන්නේ ඉතාමත් ආදරයෙන් සහ හද පිරි ගෞරවයෙන්.

පසුව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය වෙනුවන් ද ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා නොපිරි හෙලා වැඩ කටයුතු කල පුද්ගලයෙක්.

මෙවන් පසුබිමක සිය පියාගේ අඩිපාරේ යමින් අසංග ජයවික්‍රම මහතා කටුගම්පල ආසනයේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට සුදානමින් සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here