Connect with us

Politics

ගාසා තීරයේ ගැටළුව එක් ආකාරයකටත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකටත් විනිශ්චය කිරීම සාධාරණ නැහැ 

ගාසා තීරයේ මතුවී තිබෙන ගැටළුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකට විනිශ්චය කිරීම සාධාරණ නොවන බවත්, ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවිට ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලබා දෙන බවද කියා සිටියේය.

එසේ සාධාරණත්වයක් නොමැති නම් ශ්‍රී ලංකාව විසින් ඊට පිළිතුරු සැපයිය යුතුදැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වැලිමඩ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (03) පස්වරුවේ එක්වෙමිනි.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය පිළිබඳ සඳහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ සෑම රටක්ම මෙම තීරණාත්මක ප්‍රකාශය සමඟ අනුගත විය යුතු බවයි.

ඔක්‌තෝබර් 7 වැනිදා හමාස්‌ සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාරයක්‌ එල්ල කළ අවස්‌ථාවේ ශ්‍රී ලංකා රජය එම ක්‍රියාව කඩිනමින් හෙළා දුටු බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ත්‍රස්‌තවාදය හෙළා දකින අතරම පලස්‌තීන රාජ්‍යත්වය පිළිබඳ මූලධර්මයට ශ්‍රී ලංකාවේ සහයෝගය යළිත් තහවුරු කළ බවත් පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර ප්‍රජාව තුළ සිදු වූ මෙම හෙළා දැකීම, ජාත්‍යන්තර නීති සහ රීති රාමුව තුළ ඊශ්‍රායලයට පළිගැනීමේ අයිතියට ඉඩ සැලසූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, එවැනි මූලධර්ම විශ්වීය වශයෙන් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොතිබීම පිළිබඳව සිය කනස්සල්ල පළ කළ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවලට අනුව ගාසා තීරයේ මිනිසුන් 10,000 කට වැඩි පිරිසක් ඝාතනය කිරීම, යම් අයෙකු තමාගේ රට තුළ පවතින යුද්ධයේ සාධාරණත්වය සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඊට දක්වනු ලබන ප්‍රතිචාර පිළිබඳ ප්‍රශ්න මතු කරන බව ද සඳහන් කළේය.

එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා සම්මත කර ඇති බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා එක හා සමාන ප්‍රශ්න පවතින ශ්‍රී ලංකාව සහ ගාසා තීරය සම්බන්ධයෙන් මෙම ජාතීන් අනුගමනය කරන ප්‍රවේශයේ වෙනසක් ඇත්තේ මන්දැයි ද ප්‍රශ්න කළේය. ඒ අනුව කලාප දෙකටම එකම නීති ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජාත්‍යන්තර නීතියට අනුව ත්‍රස්තවාදය මැඩලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මූලික නිදහස ආරක්ෂා කිරීම ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ රාජ්‍යයන්ගේ බැඳීම්වලට පූර්ණ ලෙස අනුකූල විය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. කෙසේ වුවත් මෙම මූලධර්ම ක්‍රියාවට නැංවීමේදී පවතින නොගැලපීම පිළිබඳව ද ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

එමෙන්ම, ගාසා තීරයෙහි මතුවී තිබෙන ආර්ථික අර්බුදයේ මානව හිමිකම් බලපෑම ගැන කනස්සල්ල පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආහාර සුක්ෂිතභාවය නොමැතිවීම, ඉන්ධන හිඟය, අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිකම සහ ගෘහාශ්‍රිත ආදායම අඩු වීම ශ්‍රී ලංකාව පසුගිය වසරේ මුහුණ දුන් අත්දැකීමට වඩා දරුණු බව ද පැවසීය.

අවසන් වශයෙන් දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ පැමිණිලි හා ඉල්ලීම් වලට පිළිතුරු සැපයීමේ වැදගත්කම අවධාරණය කරමින්, සීමාකරණයට ලක්කිරීම සහ වෙනස්කොට සැලකීමට එරෙහිව සටන් කිරීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටියේය.

බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාව සහ ගාසා තීරය වෙත යොදා ගන්නා විවිධ නිර්නායකයන්ගේ වෙනස පිළිබඳ ප්‍රශ්න කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර කටයුතුවලදී ද පිරිසිදු දෑත් වලින් කටයුතු කිරීම විශ්වීය අවශ්‍යතාවයක් විය යුතු බවත් ප්‍රකාශ කළේය.

වැලිමඩ ජනතාවගේ අධිකරණ කටයුතු පහසු කිරීම සඳහා දිසා අධිකරණයක්, මහෙස්ත්‍රාත් අධිකරණයක්, කාර්යාල පහසුකම් ඇතුළු සියලු පොදු පහසුකම්වලින් සමන්විතව ඉදිකර ඇති මෙම තුන් මහල් අධිකරණ සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 460 කි.

මෙම අධිකරණ සංකීර්ණය ඉදිකිරීම මඟින් ඉතා අවම පහසුකම් යටතේ දිසා/මහේස්ත්‍රාත් සං‍යුක්ත අධිකරණයක් ලෙස පැවති වැලිමඩ අධිකරණය, දිසා හා මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු සඳහා විවෘත වනු ඇත.

සර්ව ආගමික වතාවත් මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කර අධිකරණ සංකිර්ණය විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

වැලිමඩ නිතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ උපහාර තිළිණයක් ද මෙහිදී පිළිගැන්වීය.

මෙම අවස්ථාව ඇමතූ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා

මේ දක්වා වැලිමඩ උසාවි සංකීර්ණය පවත්වාගෙන පැමිණියේ ඉතාම අසීරු ස්ථානයක සිටයි. එම ගොඩනැගිල්ල නායයාමේ අවදානම් තත්ත්වයක තිබියදීත් නීතිය පසිඳලීමේ කාර්යය සිදු කළා.
මෙම උසාවි සංකීර්ණය සඳහා මුල්ගල තැබුවේ 2019 පෙබරවාරි මාසයේදීයි. 2015 -2019 කාලයේදී වත්මන් ජනාධිපතිවරයා අගමැතිවරයා ලෙස අධිකරණ සංකීර්ණ ඇතුළු ගොඩනැගිලි 85ක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවා. එයින් ව්‍යාපෘති 45 ක් විවෘත කිරීමට හැකි වුණා. පසුගිය වසරේ පැවති ආර්ථික අර්බුදය නිසා මේ වසරේදී මෙවැනි අධිකරණ සංකීර්ණයක් විවෘත වන්නේ දෙවැනි වතාවටයි. ඉන් පළමුවැන්න රත්නපුර දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරයා අතින් විවෘත වුණා. දෙවැනි විවෘත කිරීම අද සිදුකරනු ලබනවා. තෙල්දෙණිය උසාවි සංකීර්ණය ලබන මාසයේදී අවසන් කර විවෘත කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

පසුගිය කාලයේ රටේ සියලු ජනතාවට අවාසනාවන්ත තත්ත්වයක් උදා වූ බව අප දන්නවා. රටක ව්‍යවස්ථාව සහ විධායකය අකර්මණ්‍ය වූ විට ජනතාවට කිසිඳු සහනයක් ලැබෙන්නේ නැහැ. පසුගිය වසරේදී විධායකය සහ ව්‍යවස්ථාදායකය අර්බුදයට ලක් වූණා.

එම අර්බුදකාරී තත්ත්වය අධිකරණයටත් පැමිණියා නම් රට මීට වඩා අර්බුදයකට පත්වීමට ඉඩ තිබුණා. පාස්කු ප්‍රහාරය, කෝවිඩ් වසංගතය වැනි තත්ත්වයන් රාජ්‍යයේ පැවැත්මට අභියෝගය වූ නිසාම ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වුණා.

නිදහසින් පසු වසර 75ක් මේරට පාලනය කළේ ජනතාව විසින් බලය ලබාදුන් කණ්ඩායමක්. නීතියට අනුව මැතිවරණ පවත්වා මැතිවරණයෙන් ජයගත් කණ්ඩායම් පාලන බලය ක්‍රියාත්මක කළා.

නමුත් වසර 75ක් රට පාලනය කළ ක්‍රමවේදය සහ පසුගිය මාස 15 තුළ මේ රටේ ක්‍රියාත්මක වු පාලන ක්‍රමවේදය කිසිසේත්ම සන්සන්දනය කරන්න බැහැ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි දේශපාලන නායකත්වය නිසා රට නැවත යථා තත්ත්වයට පත් කිරීමට අද වන විට හැකියාව ලැබී තිබෙනවා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ ජනවාරි 01 වනදා අරඹනවා

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යාමෙන් රටට හෙට දවසක් නොමැති බවත් පසුගිය වසර කිහිපය තුළ ජාතියක් ලෙස මුහුණ දූන් කටුක අත්දැකීම මතු පරපුරට උරුම කළ නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එබැවින් නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ඉදිරියට යනවා හැර වෙනත් විකල්පයක් රටට නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සමඟ සියලුදෙනා එක්විය යුතු බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ අද (06)පැවති රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සියවස් සැමරුමට එක්වෙමිනි.

බංකොලොත්භාවයට පත්ව තිබූ රට මාස 18ක් වැනි කෙටි කාලයකින් බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය

රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම සේවක ප්‍රජාව සිදුකළ මෙහෙය අගය කළ ජනාධිපතිවරයා දැනට රට පත්ව තිබෙන ආර්ථික තත්ත්වය මනාව කළමනාකරණය නොකර ඉදිරියට ගියහොත් ඉදිරි දශකයේදී නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදු වන බවද පෙන්වා දුන්නේය.
එම නිසා දැනට ස්ථාවරව ඇති ආර්ථිකය ඩිජිටල් ආර්ථිකයක් දක්වා ගෙන යාමට නව සැලසුම් අනුව කටයුතු කළ යුතු බවත්, එහිදී නවීන ආර්ථික ක්‍රමවේද භාවිතා කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

ලෝක ආර්ථික අවපාතය හමුවේ බංකොලොත් වූ රටවල් අතුරින් ශ්‍රී ලංකාව සීග්‍රයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකිව තිබෙන බව ලෝක මූල්‍ය සමාගම් පවා පිළිගන්නා බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් සේවය කළ සේවක පිරිසකට තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ අතර සියවස් සැමරුම වෙනුවෙන් රුපියල් 25ක සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීමද සිදු කෙරිණි.

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ගීතය හා ධජය එළිදැක්වීම සහ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම සඳහා “ඊ තක්සේරු” ක්‍රමවේදය හඳුන්වාදීමද මෙහිදී සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

තක්සේරු දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය පෘතුගීසි සමය දක්වා ඈතට දිව යනවා. බ්‍රිතාන්‍ය යුගයේදී මිනින්දෝරු සහ තක්සේරු ක්‍රියාවලිය ඉදිරියට ගෙනාවා. 1923 දී තක්සේරුකරු තනතුර ඇති කළා.

1972 හඳුන්වාදුන් ඉඩම් ප්‍රතිපත්තිය මඟින් තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය තවදුරටත් පුළුල් වුණා. ඒ අනුව මේ වන විට තක්සේරු දෙපාර්තමෙන්තුව නව යුගයකට පත්ව තිබෙනවා. එහිදී ඩිජිටල්කරණය ඉතා වැදගත්. ඩිජිටල් ආර්ථිකයේදී තක්සේරුව වෙනුවෙන් පිරිස් බලය අවශ්‍ය වෙනවා. ඒ සඳහා තක්සේරු කරුවන් නිර්මාණය කිරීමට විශ්වවිද්‍යාලවල සිසුන් බඳවා ගැනීම වැඩි කළ යුතුයි.

ඒ වගේම ඉදිරියේදී වසර පහෙන් පහට දේපළ තක්සේරු කිරීම ද සිදු කළ යුතුයි. බදු එකතු කිරීමේ ක්‍රමවේදය සඳහා ද තක්සේරු කරණයේ දායකත්වය ඉතා වැදගත් වෙනවා. එම නිසා තක්සේරු ක්‍රියාවලිය ඩිජිටල් කිරීම මෙම වසරේ සිට ආරම්භ කිරීම මම ඉතා අගය කරනවා.

පසුගිය වසරේදී අප රටක් ලෙස විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. එම අර්බුදයෙන් රට ගොඩගැනීමේදී රාජ්‍ය නිලධාරීන් හා රටේ සමස්ත ජනතාව විශාල කැපකිරීමක් කළා. ඒ වෙනුවෙන් අප ඔවුන්ට ස්තූති කළ යුතුයි.

මෙම මාසයේ මැද භාගයේ දී පමණ අප රට බංකොලොත්භාවයෙන් මිදී ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි. නමුත් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අප නව ආර්ථික ක්‍රමවේද අනුව ඉදිරියට යා යුතුයි. එසේ නොමැතිව පැරණ ආර්ථික ක්‍රමවේද ක්‍රියාත්මක කළහොත් ඉදිරි වසර 10 ඇතුළත නැවත මේ රටේ ආර්ථික අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකියි.

මහ බැංකුව මඟින් මුදල් මුද්‍රණය කිරීම මේ වන විටත් නවතා දමා තිබෙනවා. ඒ වගේම සංවර්ධනය සඳහා රාජ්‍ය බැංකුවලින් ණය ලබාදීම නවතා තිබෙනවා. මෙම කොන්දේසි නොමැතිව ආර්ථික වර්ධනයක් ලබා ගන්න බැහැ. රටට මූල්‍ය විනයක් අවශ්‍යයි. මූල්‍ය විනයක් සහිතව ආර්ථිකය කළමනාකරණය කළහොත් ඉදිරියේදී ජනතාවට මීට වඩා සහන ලබාදිය හැකියි.

ආනයන අපනයන පරතරය මෙන්ම අයවැය හිඟය මෙරට ආර්ථික අර්බුදයට හේතුවී තිබෙනවා. එම නිසා අපනයන ආදායම වැඩි කිරීමටත් රාජ්‍ය වියදම් අඩුකර රාජ්‍ය ආදායම් වැඩි කිරීමටත් අප නව සැලසුම් සම්පාදනය කර තිබෙනවා.

සංචාරක කර්මාන්තය තුළින් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව තිබෙනවා . ලබන වසරේදී වසරකට සංචාරකයන් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වා ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. එම සංචාරකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 50 දක්වා වැඩි කර ගතහොත් මෙරට ආර්ථික ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබා ගැනීමට හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා.

ඉඩම් අක්කර ලක්ෂ 3ක ප්‍රමාණයක් වගා කටයුතු සඳහා ජනතාවට ලබා දෙන්න මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. එම අරමුණ ඉටුකර ගැනීමේදී තක්සේරු දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරෙනවා. තක්සේරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම නිසා එම කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස සිදු කර ගත හැකි වනු ඇතියි.

බලශක්ති ක්ෂේත්‍රය තුළද නව ප්‍රවේශයක් අවශ්‍යයි. එහිදී අප පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සුළං බලයෙන් ගිගාවොට් 35 ක්ද, සූර්ය බලයෙන් ගිගාවොට් 200 ක් ද නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා. මෙරට පාරිභෝජනය සඳහා අවශ්‍ය වන්නේ ගිගාවොට් 50කට අඩු ප්‍රමාණයක්. එම නිසා එම බලශක්ති ක්ෂේත්‍රය මඟින්ද විශාල විදේශ විනිමයක් උපයා ගත හැකියි. කෘතිම බුද්ධිය පිළිබඳවද වැඩි අවධානයක් යොමු කරමින් ඩිජිටල් ආර්ථිකයට එය යොදා ගැනීමට සැලසුම් සකස් කළ යුතුයි. එමඟින් රට තුළ ඉතා කෙටිකාලයකදී ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කළ හැකියි.

Continue Reading

Politics

රාජ්‍ය ආයතන පරිගණකගත කිරීමට අපේ රටේ ගොඩක් අය කැමති නෑ – මහින්දානන්ද

රාජ්‍ය ආයතන පරිගණකගත කිරිමට අපේ රටේ ගොඩක් අය අකමැති බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ නාවලපිටිය උලපනේ මුස්ලිම් විද්‍යාලයේ ආදි සිසුන් විසින් සම්පුර්ණයෙන්ම වායු සමිකරණය කර ඉදි කරන ලද පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරිමේ උත්සවයට සහභාගි වෙමිනි.

මෙම උත්සවයේදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ,

“පරිගණකගත කිරිමට අපේ රටේ ගොඩාක් අය කැමති නැ. අදායම් බදු දෙපාර්තුමේන්තුව පරිගණකගත කරන්න තිරණය කරනවා 2016 දි .අපේ අදායම්බදු දෙපාර්තුමේන්තුව පරිගණකගත කරන්න සිංගප්පුරුවේ සමාගමකට රු බිලියන 12 ක් වෙන් කරලා තියෙනවා.තවම ඒක විවෘත කරලා නැ . පරිගණකගත කලොත් සොරකම් නවතින නිසා , සොරකම නතර කරන්න තියෙන හොදම විදිහ තමයි පරිගණකගත කිරිම.අපේ 106 පමණ වයසැති සුරාබදු දෙපාර්තුමේන්තුවක් තියෙනවා. විශාල චෝදනා ප්‍රමාණයක් තියෙනවා ඒ අයට. ඒ අයට පරිගණකගත කරන්න කියනවා තවම ඒ ගැන හිතලවත් නැ.අපේ රට වැටිලා තියෙන්නේ ඒකයි . පොහොර සහනාදාර දෙනකොට වෙන අයගේ නම් දලා ගන්නවා . සමෘද්ධිය දෙනකොට වෙන අයගේ නම් දාලා ගන්නවා.පරිගණකගත කිරිම තුලින් දුෂණ වංචා නතර කර ගන්න පුළුවන් යනුවෙන් පැවසිය.”

(හැටන් රංජිත් රාජපක්ෂ)                      

Continue Reading

Politics

Watch : තරුණ තරුණියන් එකතු කරගෙන ඩයනා අලුත් වැඩක් පටන් ගන්න යයි

තරුණ තරුණියන් එකතු කරගෙන ඩයනා අලුත් වැඩක් පටන් ගන්න යයි.

Continue Reading
Advertisement
Hot News26 mins ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Uncategorized41 mins ago

Watch : බස් රථයක් ඇළකට පෙරළෙයි

Hot News54 mins ago

උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී ගමනාගමනයට බාධා

Sports2 hours ago

පන්දුව අතින් අල්ලා බංග්ලාදේශ වාර්තා පොත අලුත් කළ මුෂ්ෆිකර් රහීම්

Politics2 hours ago

රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ ජනවාරි 01 වනදා අරඹනවා

Hot News2 hours ago

දඩ මුදල් තවත් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

Hot News2 hours ago

කඩුගන්නාව රෝහලේ බැම්මක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

Entertainment3 hours ago

ආසියාවේ අලංකාරම විවාහක රූ රැජින කිරුළත් රැගෙන දිවයිනට

Hot News3 hours ago

හිටපු DIG නාලක ද සිල්වා නිදහස් කෙරේ

Hot News4 hours ago

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු පාලනයට විශේෂ වැඩසටහනක්

Hot News4 hours ago

පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී

Hot News5 hours ago

ළමුන්ට පොලිතින් කැවූ විදුහල්පති නැවත ඉල්ලා දෙමව්පියන් උද්ඝෝෂණයක

Hot News8 hours ago

ගිනි අවි දෙකක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Hot News8 hours ago

ඉන්දියන් සම්බා ඉදිරි දෙසතිය තුළ දිවයිනට

Hot News9 hours ago

වැලිකන්දේ ආපනශාලාවක ගින්නක්

Hot News9 hours ago

සිසුවියන් තිදෙනෙකුට සහ සිසුවෙකුට අමුතු පාඩමක් කියා දුන් පාසලේ කාර්යාල කාර්ය සහායක

Weather9 hours ago

අදත් පළාත් කිහිපයකට තද වැසි

Politics20 hours ago

රාජ්‍ය ආයතන පරිගණකගත කිරීමට අපේ රටේ ගොඩක් අය කැමති නෑ – මහින්දානන්ද

Politics20 hours ago

Watch : තරුණ තරුණියන් එකතු කරගෙන ඩයනා අලුත් වැඩක් පටන් ගන්න යයි

Hot News20 hours ago

අපේ රටේ එකලස් කරන ඉලෙක්ට්‍රික් බස් ලබන වසරේ ධාවනයට

Hot News21 hours ago

‘මල්වත්තේ අමිල’ ඇතුළු තිදෙනෙක් මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු

Hot News22 hours ago

Watch : දුම්රියේ වැදීමට ගිය සුරතල් බල්ලා බේරාගැනීමට ගිය මව කෝච්චියට බිලිවෙයි

Hot News22 hours ago

Watch : බම්බලපිටියේ නමගිය අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරියට ඇප ලැබෙයි

Weather23 hours ago

ලබන 7වැනිදායින් පසු වැසි තත්ත්වයේ අඩුවීමක්

Hot News23 hours ago

අවුරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට සැරසෙයි

Hot News23 hours ago

ආරක්ෂක අමාත්‍යාංශය කෝපා කමිටුව හමුවට

Hot News23 hours ago

මෙරට පළමු ඩිජිටල් උප්පැන්නය නිකුත් කරයි

Politics23 hours ago

Watch : 5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න – සිරිසේනගෙන් ඉල්ලීමක්

Hot News1 day ago

රාජ්‍ය සේවාවන්ට අදාළ ආකෘති පත්‍ර පිරවීම දැන් නිවසේ සිටම

Hot News1 day ago

Watch : ශ්‍රී ලංකා ගුවන් හමුදාවට චීනයෙන් සැහැල්ලු ගුවන් යානා දෙකක්

Sports1 month ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News3 weeks ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports3 weeks ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Local1 month ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local1 month ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News2 weeks ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World4 weeks ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Sports1 month ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World1 month ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World1 week ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Sports4 weeks ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News1 month ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Weather1 month ago

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

Hot News1 month ago

ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර ඒ මුදල් දියණියගේ වෙඩිමට වියදම් කරන්න අරන් ගිය නිලධාරිනියගේ වැඩ තහනම්

World3 weeks ago

ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 5 දෙනෙක් ජීවිතක්ෂයට

World1 week ago

ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්

Hot News5 days ago

මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට

Hot News2 weeks ago

Watch : බටගොඩ කම්පා කරමින් නිවසේ සිටි 15 හැවිරිදි සිසුවා අකුණු සැර වැදී අවසන් ගමන් යයි

Hot News1 month ago

සතොස කිරිපිටි මිල පහළට

World2 weeks ago

Binance ලොක්කා වරද පිළිගෙන ඉල්ලා අස්වෙයි

Hot News2 weeks ago

පාසල් සිසුවෙක් වස පානය කර පාසලට පැමිණෙයි

Hot News1 month ago

Watch : ලක්මව රනින් සැරසූ තරුෂිව රාජා ජුවලර්ස් රනින් සරසවයි

Hot News2 weeks ago

Watch : මින්නේරිය වැවේ දිය නෑමට ගිය දියණියන් දෙදෙනා සහ මව දියේ ගිලෙයි

Hot News1 month ago

වලල්ලාවිට ප්‍රාදේශීය සභා හිටපු ජ.වි.පෙ. මන්ත්‍රිවරයකු දියේ ගිලි මියයයි

Hot News4 weeks ago

Watch : අතුරු තහනම් නියෝගයත් එක්ක අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව යයි

Hot News1 month ago

Watch : අර්ජුනගේ කමිටුවට ඇයි විජේදාසගේ පුතාව දැම්මේ ?

Hot News1 month ago

දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට හෙළි වෙයි

Sports6 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

Hot News1 month ago

Watch : ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවිත අනතුරේ , මිහින්තලේ හිමිට ආපු ආරංචිය මෙන්න

Hot News1 month ago

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

Uncategorized41 mins ago

Watch : බස් රථයක් ඇළකට පෙරළෙයි

Hot News2 hours ago

කඩුගන්නාව රෝහලේ බැම්මක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

Politics20 hours ago

Watch : තරුණ තරුණියන් එකතු කරගෙන ඩයනා අලුත් වැඩක් පටන් ගන්න යයි

Hot News22 hours ago

Watch : දුම්රියේ වැදීමට ගිය සුරතල් බල්ලා බේරාගැනීමට ගිය මව කෝච්චියට බිලිවෙයි

Hot News22 hours ago

Watch : බම්බලපිටියේ නමගිය අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරියට ඇප ලැබෙයි

Politics23 hours ago

Watch : 5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න – සිරිසේනගෙන් ඉල්ලීමක්

Hot News2 days ago

Watch : පුහුණුවීම් අතරතුර පාපැදිකරුවෙකු රිය අනතුරකින් මරුට

Politics2 days ago

මම මැරුවත් දූෂණයට එරෙහි සටන නවත්වන්නේ නැහැ – සජිත්

Hot News2 days ago

Watch : අභයාරාමයට ආපු ලයිට් බිල ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

World3 days ago

Watch : ඊශ්‍රායලය හමාස් යුද්ධය දරුණු අතට

Hot News3 days ago

Watch : මාළු බෝට්ටු වලින් ගෙනාපු ලිංගික උත්තේජන පෙති 31000ක් මාට්ටු 

Hot News3 days ago

Watch : තොවිලයට පැමිණි තරුණ පිරිසක් අතර ගුටි කෙලියක – නිවසකට දැඩි හානි

Hot News3 days ago

Watch : ක්‍රොන්ක්‍රීට් මික්ෂර් රථයක් ප්‍රපාතයට පෙරලෙයි – එක් අයෙක් ජීවිතක්ෂයට

Politics3 days ago

Watch : ඊළඟ ජනාධිපතිවරණයේදී වෙන දේ ගැන අනුර කියයි

Politics4 days ago

Watch : සජිත්ගේ හැසිරීම නාමල් හෙළා දකී මෙන්න නාමල් සජිත්ට කිව්ව කතාව

Politics4 days ago

Watch : මට නම් තියෙන්නේ පරම්පරාවෙන් එන තට්ටයක්

Hot News4 days ago

Watch : පාතාලය මර්දනය කරන විදිය කතාවෙන් නෙමෙයි වැඩ කරලා පෙන්වන්නම්

Hot News4 days ago

Watch : මරණ පරීක්ෂණයකට ගිය පොලිස් නිලධාරීන්ට බඹර ප්‍රහාරයක්

Uncategorized4 days ago

Watch : ඩයනා, සුජිත්,රෝහණ සිද්ධියෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Politics4 days ago

Watch : රන්ජන්ගේ සහයත් අනුරට ද ?

Hot News5 days ago

Watch : රටටම ගෞරවයක් අරන් දෙන එක තමයි මගේ හීනය

Hot News5 days ago

Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ

Hot News5 days ago

Watch : රන්ජන්ට අකරතැබ්බයක්

Politics5 days ago

Watch : තවත් ක්‍රිකට් වංචාවක් ගැන විපක්ෂ නායකගෙන් විශේෂ හෙළිදරව්වක්

Hot News5 days ago

Watch : දේශබන්දුට රටම කැමති නෑ මිහින්තලේ හිමි කිව්ව කතාව මෙන්න

Hot News5 days ago

Watch : වැඩබලන පොලිස්පති දේශබන්දුට මහා සංඝරත්නයෙන් දැඩි අවවාදයක්

Politics5 days ago

Watch : ඩයනාගේ ගුටි කෙළිය ගැන වාර්තාව පාර්ලිමේන්තුවට එද්දී විපක්ෂය උණුසුම් වෙයි

Hot News6 days ago

Watch : අදත් පැය ගානක් ප්‍රශ්න කරපු දේවගැති ජෙරම්ට හෙටත් CID එකට එන්න කියයි

Politics6 days ago

Watch : මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න

Hot News6 days ago

Watch : දින 3ක් අතුරුදන්ව සිටි වැලිපැන්නේ තරුණියගේ දේහය ඇල ඉවුරකින් හමුවෙයි

Advertisement

Categories

Trending