Hot News
ගෑස් මිල හෙට රාත්‍රියේ සිට ඉහළට

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සිය ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන බව නිවේදනය කර තිබෙනවා.
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 70ත් 90ත් අතර ප්‍රමාණයකින් ඉහළ නංවන බවයි.
මෙම සංශෝධිත මිල හෙට (නොවැ 04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක කරන බවද මුදිත පීරිස් මහතා සඳහන් කළේය.
මේ අතර , මීට පෙර පසුගිය මාසයේද මෙලෙස ලිට්‍රෝ 12.5kg සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ දැමූ අතර කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 58කින් ඉහළ දමනු ලැබුවා.
2.3kg සිලින්ඩරයක් රුපියල් 26 කින් වැඩි වූණා.
Hot News
කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

කිලෝ 22ක බරින් යුක්ත විශාල කැරට් අගයකින් ඇති මිල කළ නොහැකි පළිඟු මැණිකක් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පතලකින් හමුව තිබෙනවා.
මෙම මැණික අභ්‍යන්තරයේ දිය බුබුළු පිහිටා තිබීම හේතුවෙන් මෙය විශේෂ වන බවයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ.
මෙය ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Hot News
උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී ගමනාගමනයට බාධා

ඔහිය ඉඳල්ගස්හින්න අතර 148 සැතපුම් කණුව අසලදී මෙසේ පස් කන්දක් කඩා වැටීමෙන් අවහිර වී තිබේ.
ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පමා වීමක් සිදුවිය හැකි බවත් දැනට එම බාධක ඉවත් කිරීමට සේවක පිරිසක් යමින් සිටින බවත් දුම්රිය නිලධාරියකු පැවසීය.
කෙසේ වෙතත් රාත්‍රි වනවිට දුම්රිය ධාවනය සඳහා මාර්ගයේ බාධක ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු කරන බවද පැවසීය.


Hot News
දඩ මුදල් තවත් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

නීති සංග්‍රහයට කළ සංශෝධන අනුව දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
වර්තමාන මූල්‍ය අගයන්ට සාපේක්ෂව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-12-12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණා.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

-
Sports4 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World3 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News4 hours ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
Hot News2 days ago
තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි
-
Hot News5 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
World4 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්
-
World3 days ago
පිලිපීනයේ දේව මෙහෙයක් අතරතුර පිපිරීමක් – 3 දෙනෙක් ජීවිතක්ෂයට
-
Hot News1 day ago
දැරියකට කරදර කලේයැයි සැකපිට හිමි නමක සහ දෙමව්පියන් අත්අඩංගුවට