උත්සව සමයේ රතිඤ්ඤා හා ගිණිකෙළි අනතුරු අවම කර ගැනීම සඳහා කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.
වැඩිහිටියන්ගේ අධීක්ෂණයෙන් තොරව කුඩා දරුවන්ට රතිඤ්ඤා හා ගිනිකෙළි භාවිතයට ඉඩදීමෙන් සිදුවිය හැකි හානි බොහොමයක් පවතින බවයි අනතුරු නිවාරණය හා කළමනාකරණය පිළිබඳ අංශ ප්‍රධානි, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසුවේ.
එහිදී මුහුණ, දෑත් හා දෙපාවලටද හානි සිදුවිය හැකි බව ඔහු සඳහන් කළේ ය.