පසුගිය 25 වැනිදා දහවල් තරුණයෙකුගේ ගුද මාර්ගයට කම්පෙෂර් බටයක් ඇල්ලීමෙන් සිදු කළ විහිළුවක් හේතුවෙන් එම පුද්ගලයාගේ බඩවැල් පිපිරී මිය ගොස් තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ මාබිම ප්‍රදේශයේ තිබෙන පෞද්ගලික ආයතනයක අලුත්වැඩියා අංශයේ සේවය කෙරූ පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි විසිහතර හැවිරිදි තරුණයෙකි.
එම ආයතනයේ සේවකයන් දෙදෙනකු විසින් විහිලුවක් කිරීමේ අරමුණෙන් මියගිය පුද්ගලයාගේ ගුද මාර්ගයට හුළං බටයක් අල්ලා තිබෙන අතර එයින් අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඔහු රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (28) රාත්‍රියේ දී අදාල තරුණයා මියගොස් තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචි දභඅට වන වියේ පසුවන්නන් වන අතර ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.