රටක ආර්ථික වර්ධනයේ ප්‍රධානතම කොටස අධ්‍යාපනය බැවින් ගුරුවරුන් අනාගත පරපුර විනාශ නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ, ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද “Navigator Higher Education and Career Expo” අධ්‍යාපනික ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (12) සහභාගී වෙමිනි .