පිටමාරුව දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක  ගුරු නිවාසය තුල ගෙළ වැළලාගෙන ඊයේ (24) දින මියගොස් ඇතැයි වාර්තාවේ .

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි සෝලන්ඩ් වත්ත ලුණුගල ලිපිනයේ පදිංචි තරුණ ගුරුවරියක් බවයි සඳහන් වෙනවා.

ඇය එම විද්‍යාලයේ ගුරු නිවාසය තුල නේවාසිකව සිටින අතර ඊයේ නව වාරයේ පාසල් ආරම්භ කිරිමට පෙරදින ගුරු නිවාසය වෙත පැමිණ ඇති අතර පසුව 24 දින පාසලේ ඉගෙනීමේ කටයුතු කරමින් සිටින අතරතුර ගුරු නිවාසයට ගොස් නැවත නොපැමිණීම පිලිබඳව සොයා බැලීමේදි එහි බාල්කයක ගෙළ වැළලාගෙන සිටිනු ගුරුවරුන් දැක ඒ පිළිබඳව පොලිසියට පවසා ඇත.

ඇය විවහා ගිවිස ගෙන සිටි තරුණියක් වන අතර ඔහු විදේශ රැකියාවක නිරත වන බවට කරුණු අනාවරණය වි ඇති බව සඳහන් .

බිබිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here