සෙනගල්හි ඩකාර් ගුවන් තොටුපළේ දී ගුවන්යානයක් ධාවන පථයෙන් ලිස්සාගොස් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 85 දෙනෙකු පමණ එහි සිට ඇති අතර, මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බෝයිං 737-300 වර්ගයේ ගුවන් යානයක්.

අනතුරත් සමග ගුවන් යානය ගිනි ගැනීමකට ද ලක්ව තිබෙනවා.

තුවාල ලැබූවන් අතර, ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකයින් ද සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here