පුත්තලම පාලවිය ගුවන් හමුදා කදවුරේ සේවයට පැමිණෙමින් සිටයදී (07) වන දින ගුවන් සෙබළියක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ගුවන් සෙබළකු සහ අනුබල දුන් යැයි පැවසෙන පියා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
පුත්තලම පාලවිය ගුවන් හමුදා කදවුරට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි වයස අවුරුදු (27) හැවිරිදි ගුවන් සෙබළියක් සිය යතුරුපැදියෙන් ඉකුත් (07) වන රාජකාරි සදහා කදවුර බලා එමින් සිටියදී මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇති බවට ඇගේ සැමියා විසින් පොලිසිය හමුවේ කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ සිද්ධියට සම්බන්ධ පිය පුතු දෙපල අත්අඩංගුවට ගෙන තිබුණි.
කාලයක් තිස්සේ පැවති ප්‍රේම සම්බන්ධතාවයක් මුල්කර ගනිමින් මෙම පැහැර ගැනීම සිදුව ඇති අතර, ආදාළ සෙබළිය ගුවන් හමුදා කදවුර බලා යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී මෙම ගුවන් හමුදා සෙබලා සහ ඔහුගේ පියා යන දෙපල විසින් එකවරම කාර් රථයකින් පැමිණ මාර්ගය හරස් කොට සෙබලියගේ මුහුණට ලේන්සුවක් වැනි යමක් තබා සිර කර ඇයව සිහිමුර්ජා කර පැහැර ගෙන එම ප්‍රදේශයේ පාලු නිවසකට රැගෙන විත් තිබූ අතර, මේ සම්බන්ධයෙන් සෙබළියගේ සැමියා විසින් පුත්තලම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිද්ධියට සම්බන්ධ පිය පුතු දෙපල පුත්තලම පොලිය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශණයක් ආරම්භ කර තිබුණි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ චීන වරාය ගුවන් හමුදා කදවුරට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි වරකාපොල ප්‍රදේශයේ පදිංචිකාර සෙබළකු සහ ඔහුගේ පියා බව කියයි. පසුව පොලිසිය ඔවුන්ගෙන් කල මූලික ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ පැහැර ගැනීමට ලක්වූ අදාල සෙබළිය සමග කාලයක් පුරා ප්‍රේම සම්බන්ධයක් ඇතිව තිබූ බවයි.
පසුව මොවුන් දෙපළ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් වරිය දෙදනාටම ඇප නියම කලද ඇප තැබීම සදහා කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂඛ එච්.පී.එන්. කුලතුංග මහතාගේ උපදෙස් පරිදි අපරාධා අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දිමුතු ගුණසේකර යන නිළධාරින් විමර්ශණ සදහා එක්ව තිබුණී.
(පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන)