සාම සාධක රාජකාරීයේ නිරත ශ්‍රී ලාංකික ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පවසයි.

මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සාම සාධක රාජකාරියේ නිරත ගුවන් හමුදා නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් හා ගුවන් හමුදා මූලස්ථානය මගින් එම පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීයේ නිරත, ශ්‍රී ලාංකික ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් රැගත් MI 17 වර්ගයේ  හෙලිකොප්ටරයක් ඊයේ මෙරට වේලාවෙන් 9.30 ට අනතුරට ලක්විය.

අයහපත් කාලගුණ තත්ත්වය, අනතුරට හේතුවී ඇති අතර එහි ගමන් කළ කිසිදු හමුදා සාමාජිකයෙකුට අනතුරක් සිදුවූයේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here