ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා ගෙන් ගෙට පෙළපාළිවලින් ගමන් කිරීම වහාම වැළැක්වීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට අද (4) දින නියෝග කර තිබෙනවා.
එවැනි පෙළපාලි නතර කිරීම සඳහා පොලිස් ජංගම මුර සංචාර වැඩිකරන ලෙසටයි කොමිසම උපදෙස් දී ඇත්තේ.
ඇතැම් දේශපාලන පක්ෂ සාමාජිකයන් පෙළපාළිවලින් ගෙන් ගෙට යන බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා
එමෙන්ම නීති විරෝධිව කරගෙන යනු ලබන මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන්ද මැතිවරණ කාර්යාල වෙත පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවද මැතිවරණ කොමිසම පවසනවා .
එවැනි නීති විරෝධිව කර ගෙන යනු ලබන මැතිවරණ කාර්යාල පිළිබඳව නීතිමය වශයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවයි සඳහන් කර සිටින්නේ .