විවිධ කණ්ඩායම්වල පෙළඹවීම් මත විදේශීය කුලී හේවා කණ්ඩායම් වෙත ශ්‍රී ලංකාවේ රණවිරුවන් යොමු කිරීමේ වංචාකාරී ක්‍රියාවන්ට හසු නොවන ලෙස සියලු විශ්‍රාමික රණවිරුවන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ලාංකීය හමුදාවන් නියෝජනය කළ විශ්‍රාමිකයින් කිහිප දෙනෙක් විවිධ විදේශීය කුලී හේවා කණ්ඩායම් නියෝජනය කිරීම සදහා විදෙස් රාජ්‍යයන් වෙත ගොස් තිබෙන බව මෑතකාලීනව අනාවරණය වීමත් සමඟ ඔහු මෙම ඉල්ලීම කර තිබේ.

කුලී හේවා සටන් සම්මත යුද උපක්‍රමයක් නොවන බවත් එවන් මාර්ගයන් වෙත යොමුවීම ශ්‍රී ලාංකීය හමුදාවන්ගේ කීර්තිනාමයට කැළලක් සිදු කිරීමේ දැඩි අවදානමක් ඇති කරන බව ද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here