නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු විශේෂ දුම්රියක් හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගය අසලදි (28) දින පස්වරුවේ පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.
නුවරඑලිය ප්රදේශයේ ස්ථාන කිහිපයක් රුගත කිරිම සදහා පෞද්ගලික අංශයකින් මෙම දුම්රිය මුදල් ගෙවා වෙන් කරවාගෙන එම රුගත කිරිම අවසන් කර යලිත් දුම්රිය කොළඹ දක්වා ධාවනය කරන අවස්තාවේ (28) දින පස්වරු 5.30 ට පමණ මෙම පිලි පැනිම සිදු වි ඇති බවයි හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
ධාවනය වෙමින් තිබු දුම්රියේ මැදිරියක ඉදිරිපස රෝද දෙකක් පිලි පැන ඇති බවත්, පිලි පැනිමට ලක් වු එම දුම්රිය පිලිගත කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට බදුල්ල දක්වා ධාවන කරන දුම්රියන් හැටන් දක්වාත් , බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන දුම්රියන් නානුඔය දක්වාත් ධාවනය කරවිමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන ඇත.
(හැටන් රංජිත් රාජපක්ෂ)