

Politics
චීනයේ රාජ්‍ය මන්ත්‍රී ෂෙන් යිකින් කථානායක හමුවෙයි
චීනයේ රාජ්‍ය මන්ත්‍රී ගරු ශෙන් යිකින් (Shen Yiqin) මහත්මිය ප්‍රමුඛ දුත පිරිසක් සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ලබාදෙනු ලබන සහයෝගය මෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය විසින් ලබාදෙන සියලු ආකාරයේ සහයෝගීතාවන් පිළිබඳව කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය. එසේම, කොළඹ වරාය නගරය ඇතුළු චීනයේ සහයෝගයෙන් මෙරට ක්‍රියාත්මක වන සංවර්ධන කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වන බව පැවසූ කථානායකවරයා දෙරට අතර ද්වීපාර්ශවික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තුවන බවද සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය මන්ත්‍රී ශෙන් යිකින් මහත්මිය, ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් වෙනුවෙන් නිල ඇඳුම් ලබාදීම ඇතුළු අනෙකුත් හදිසි මානුෂීය අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍යවන මූල්‍ය සහයෝගය ලබාදීමට චීන රජය බලාපොරාත්තු වන බව සඳහන් කළාය.
එමෙන්ම, දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ ජනතාව අතර සම්බන්ධතා වර්ධනය කිරිම තුළින් දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ ප්‍රායෝගික සහයෝගීතාවයේ වර්ධනය ඇති වන බවත් එමගින් දෙරට අතර පවතින සමීප සබඳතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත් ශෙන් යිකින් (Shen Yiqin) මහත්මිය පැවසුවාය. විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුම හැකි ඉක්මනින් සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ශ්‍රී ලංකාව තුළ කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තලතා අතුකෝරල මහත්මිය දූත පිරිස දැනුවත් කළ අතර සංසදයේ ඉදිරි කටයුතු සඳහා චීනයේ සහයෝගය ලබා දෙන ලෙසද ඉල්ලා සිටියාය.
Politics
Watch : මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න

තමා 2010 වසරේ දී සෞඛ්‍ය ඇමති ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Politics
2027 වනවිට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් පන්තියට යවනවා – සුසිල්

2027 වර්ෂය වන විට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.
මෙරට පෙරපාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පාසල් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හතර ම ලොව වෙනත් දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රමවේද අනුව එම පාඨමාලා හා සම්පත්වලට සමගාමී ව සංවර්ධනය කර ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය ජාත්‍යන්තර තලයට රැගෙන යන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මෙරට විද්‍යාපීඨ 19ත් ගුරු විද්‍යාල 8ත් ඒකාබද්ධ කර ගුරු අධ්‍යාපනය සඳහා ම වෙන් වුණු අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන බවත් එමගින් 2027 වර්ෂය වන විට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බවත් අවධාරණය කළේය.විධිමත් වෘත්තීය පුහුණු අවස්ථා ලබාගැනීම මගින් මෙරට හෝ විදෙස් රැකියා ලබාගැනීමට මෙන් ම ස්වයං රැකියාවක නිරත වීමේ පුළුල් ඉඩ ප්‍රස්ථා තවදුරටත් දරුවන්ට විවර කර දීමට සැලසුම් කරඇත.
Politics
ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරනවා – බන්දුල

දිවයිනේ විවිධ ප්‍රදේශවල අබලන් වී පවතින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් බිලියන 20කට ආසන්න ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
-
World3 days ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World4 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports4 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News3 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Sports4 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Politics2 days ago
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට
-
Sports4 days ago
වනිඳු හසරංගව බැංගලෝරය ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි