චීනය තුළ ගෙවුණු දින කිහිපය පුරා හඳුනා නොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බීජිං, ලියෝනින් ඇතුළු තවත් නගර රැසක ළමා රෝහල් මෙම රෝගයෙන් පෙළෙන ළමයින්ගෙන් පිරී ඇති බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දැනුම් දී ඇත්තේ උතුරු චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින රෝගී තත්ත්වය පිලිබඳ සියලුම තොරතුරු තමන් වෙත ලබා දෙන ලෙස දැනුම් දී තිබෙනවා.
චීනයේ ළමයින් අතර මෙම රෝගී තත්ත්වය සුලබව වාර්තා වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උතුරු චීනයේ ළමයින් අතර මෙම නිව්මෝනියා රෝග වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතින බවත් චීන බලධාරීන් එය වසන් කරන බවයි තායිවාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
2019 වසරේ ලොව පුරා ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතයේ ද පළමු නිල කොවිඩ් රෝගියා වාර්තා වූයේද චීනයේ වූහාන් නගරයෙනි.