චීනයේ ප්‍රධාන නගරවලින් අඩක්ම ගිලාබසිමින් පවතින බව නවතම වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.

බීජිං, ටියන්ජින් වැනි ප්‍රධාන නගර අයත් බවයි සයන්ස් නම් සඟරාව පළකළ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.

එරට සමස්ත ජනගහනයෙන් 29%ක් එනම් මිලියන 270ක්ම වාසය කරන්නේ වාර්ෂිකව මිලිමීටර් 3 කට වඩා ගිලා බසමින් පවතින නාගරික කලාපවල බවට අනාවරණ වී තිබෙනවා.

තවද බීජිං අගනුවර උමං සහ මහා මාර්ග ආසන්න කලාප වාර්ෂිකව මිලි මීටර 45ක් ගිලා බසින බව ද එහි සඳහන්.

උස් ගොඩනැගිලිවල අධික බර සහ මාර්ග පද්ධති පුළුල්වීම වැනි කෘත්‍රීම හේතු සහ භූගත ජලය පරිහරණය වේගවත්වීම වැනි ස්වභාවික කරුණු ද ඊට බලපා තිබෙන බවයි සඳහන් වන්නේ.

නගර ගිලාබැසීමේ දත්ත ලොව තවත් රටවලින් වාර්තා වන අතර, අමෙරිකාවේ නිව්යෝර්ක් අගනුවර පවා ගිලා යමින් පවතින බවට වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here