ෂියෑන් සික්ස් චීන පර්යේෂණ නෞකාව සමග අද(30) මෙරට මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු ආරම්භ කරන බව, නාරා ආයතනය පවසයි.
බෙන්තරට ඔබ්බෙන්වූ මුහුදේ එම පර්යේෂණ කටයුතු සිදුකරන බවයි එම ආයතනය සඳහන් කළේ.
එහිදී මුහුදු ජලයේ උෂ්ණත්වය, මුහුදු දියවැල්වල තත්වය, ඒවා මත්ස්‍යයින්ට බලපාන ආකාරය සහ කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් අධ්‍යයනය කෙරෙනු ඇති.
ඊට අමතරව මුහුදු ජලයේ විවිධ ජල මට්ටම්වල සාම්පල් පරීක්ෂා කිරීමට ද නියමිතව ඇතැයි නාරා ආයතනය සඳහන් කළේ ය.
ඒ සඳහා නාරා ආයතනයෙන් එක්වන නිලධාරීන් සංඛ්‍යාව 4 කි.