ජනතාව විසින් ප්‍රකාශ කළ ඡන්දය කිසිඳු ගැටලුවකින් තොරව ගණනය කර, නිවැරදි ප්‍රතිඵලය ජනතාවට ලබාදීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව හා ආරක්ෂක අංශ කෙරෙහි විශ්වාසය තබන ලෙසයි අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ.
ඡන්දය ගණනය කර ප්‍රතිඵලය ලබා දෙනතුරු කටකතාවලට සහ බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඡන්දය ජනතාවගේ අයිතියක් බවත්, එම ඡන්දය භාවිතා කරන ලෙස සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.