ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර නොගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයට දන්වා තිබෙන බව සඳහන්.
පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමට කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
එහිදී ඔවුන් පවසා ඇත්තේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සංවර්ධන කටයුතු සිදුකරන මුවාවෙන් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා දේශපාලනඥයන් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට බලපෑම් එල්ල වන බවයි.
එමෙන්ම, අවසන් කළ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලඥයින් සම්බන්ධ කර නොගන්නා ලෙසට ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙතද මැතිවරණ කොමිසම විසින් ලිඛිතව දැනුම් දී තිබෙනවා.