විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් ඒ තුළ නිර්මාණය වූ ඒකාධිපතීත්වය, දැවැන්ත බල පරාක්‍රමය මෙරට පුරවැසියන්ගේ අයිතින් උල්ලංඝනය වන බැවින් මෙහි පැහැදිලි වෙනසක් සිදු විය යුතු බවත් එය අහෝසි කිරීමේ මුවාවෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට බාධා කිරීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පළාත් පාලන ඡන්දය නිවැරදි දිනට නොපවත්වා ඒ සදහා මුදල් ලබා නොදී ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කරන ආණ්ඩුවක් රටේ ඇති බවත් එවන් ආණ්ඩුවකට ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය නිශේධ කරන්න සහයෝගය ලබා නොදෙන බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ මැතිවරණයකට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීමෙන් පසුව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් ජනාධිපතිවරයාගේ කොන්ත්‍රාත් බාර ගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට මතවාද ගෙන යන බවත් එය ජාතික අවශ්‍යතාවට නොව පුද්ගලික දේශපාලන ආයු කාලය දීර්ඝ කර ගැනීමට උත්සාහ කිරිමක් බවත් ඒ සදහා ඉඩ ලබා නොදෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (11) කොළඹ දී පැවැති සමගි ජන බලවේග නීතිඥ මණ්ඩලයේ රැස්වීම අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here