මීට අවුරුදු දෙකකට පමණ පෙර අපේ රටේ ජනතාවට කිසිඳු ආගමික උත්සවයක් හෝ වෙනත් සංස්කෘතික උත්සවයක් සැමරීමට නොහැකි තත්ත්වයක් රට තුළ උද්ගත වෙලා තිබු යුගයක රට බාරගෙන එම තත්ත්වය වෙනස් කළේ ජනපති රනිල් වික්‍රමසිංහ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

“එදා පෙට්ට්‍රල්, ඩීසල්, ගෑස් පෝලිම්වල සිටි ජනතාව අද වෙසක් උත්සවය නිදහසේ සමරනවා. මෙය ඇත්තමට හොඳ ආරම්භයක්.එසේනම් මෙවැනි තත්ත්වයක් රට තුළ ඇති කළ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශ්‍රී ලාංකික අපි කෘතවේදීත්වය දැක්විය යුතුයි.” යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here