ප්‍රධාන දේශපාලන පක්ෂ ඒවාට තිබෙන ජනතා බලය පෙන්වීමට මැයි දින රැලි සඳහා සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් රුපියල් මිලියන දහසක පමණ වැයක් දරනු ඇතැයි ඒ පිළිබඳව කෙරෙන ගණනය කිරීමකින් අනාවරණය වී තිබෙනවා.
ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන ප්‍රධාන දේශපාලන පක්ෂවලට මෙවර මැයි දින රැලිවලින් තම උපරිම දේශපාලන ශක්තිය පෙන්නුම් කිරීම සඳහා මෙතරම් විශාල වැයක් මැයි දිනය වෙනුවෙන් දැරීමට සිදුවී ඇති බව සඳහන්.
මැයි රැලිවලට සහභාගි කරවන තම පාක්ෂිකයන්ගේ ගමන් පහසුකම් සැපයීම සඳහා යොදා ගන්නා බස් රථ සඳහා සහ ඔවුන්ට අවශ්‍ය ආහාරපාන ලබා දීම වෙනුවෙන් මෙතරම් විශාල මුදලක් වැය වන බවයි සඳහන් වන්නේ.
මෙම මුදලට අමතරව බැනර්, පෝස්ටර්, කටවුට් සැරසිලිවලට හා මැයි රැලිය පැවැත්වෙන ස්ථානවල ඉදිකෙරෙන වේදිකා, ශබ්ද විකාශන යන්ත්‍ර ආදී කටයුතු වෙනුවෙන් තවත් ලක්ෂ ගණනක වැය බරක් ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් දරනු ඇතැයි එම ගණනය කිරීම්වලින් හෙළිදරව් වේ.
බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්කවල සිට පැමිණෙන බස් රථ සඳහා එක් බස් රථයකට රුපියල් 30,000ක් 35,000ක මුදලක් ගෙවීමටත් අනුරාධපුර වැනි දුර ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන බස් රථයකට රුපියල් 1,50,000ක් වැනි මුදලක් ගෙවීමටත් සිදුවන බවත්, එක් අයකු වෙනුවෙන් දිවා ආහාරය සඳහා රුපියල් 300ත් 450ත් අතර මුදලක් වැය වනු ඇති බවත් සඳහන්.
මේ සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ලැබෙන මුදල් ප්‍රමාණවත් නොවන බැවින් ආසන සංවිධායකයෝ ව්‍යාපාරිකයන්ගෙන් හා දානපතියන්ගෙන් මුදල් සොයා ගැනීමේ උත්සාහයක යෙදී සිටිති.