විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරුණා.
මෙම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් ඊයේ (20) දින නිකුත් කරනු ලැබුවා.
මෙම ගැසට් නිවේදනය මගින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්,දෙපාර්තමේන්තුවකින්,පළාත් පාලන ආයතනයකින්,සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙම සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවා බවට ජනාධිපතිවරයා විසින් නියම කර තිබෙනවා.